egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

Data Life Cycle , Golden rule of information , Dig Data | දත්ත ජීවන චක්‍රය , තොරතුරු පිලිබඳ ස්වර්ණමය නීතිය , මහා දත්ත

12/4/2020

0 Comments

 
Picture
මෙම සටහන් හරහා ඔබට අපොස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ පළමුවන ඒ්කකය සම්බන්ධ සියලු සිද්ධාන්ත කරුනු ආවරණය කර ගැනීමට හැකිවනු ඇත. විෂය නිර්දේශයට අනුවම සාදා ඇති මෙහි වඩාත් අවධානය යොමු කළ යුතු කරුනු bold  කර දක්වා ඇත.එම කොටස් ඔබ මතක තබා ගැනීම වටී.
මේ ආකාරයට අනිකුත් සියලු පාඩම් වලට අදාළ සටහන් egenuma.com අප විසින් ලබා දීමට කටයුතු කරන්නෙමු. ඔබට ජය!!!

දත්ත ජීවන චක්‍රය

දත්ත නිර්මාණය

අර්ථවත් තොරතුරු ලබාගැනීම සදහා දත්ත පද්ධතියට ඇතුල්කොට තොරතුරු නිර්මාණය කල යුතුය .

දත්ත කලමණාකරනය

මෙහිදී අවශ්‍ය අවස්ථාවලදී ලබාගැනීම සදහ ආරක්ශිතව තබාගැනීම හා ඒවා වෙත නැවත් ප්‍රවේශ වීම සිදුකරයි

අභාවිත දත්ත ඉවත් කිරීම

දත්ත අනවශ්‍ය යැයි හැගුනු විටදී ඒවා පද්ධතියෙන් ඉවත් කල යුතුය . 

තොරතුරු පිලිබඳ ස්වර්ණමය නීතිය ( Golden rule of information 

                                                                            තොරතුරු නිර්මාණය කළ අවස්ථාවේදී ම ඒවායේ වටිනාකම උපරිම බවත් කාලයත් සමග වටිනාකම අඩු වන බවත් මෙමගින් විද්‍යමාන කරයි.

එමෙන්ම තොරතුරක වටිනාකම රදාපැවතීමට බලපාන අනිත් වැදගත් ම සාධකය නම් අදාළත්වයයි. මෙයින් අදහස් වන්නේ කිසියම් තොරතුරක් සියලු දෙනාට එක සේ වටින්නේ නැති බවයි.
Picture

​මහා දත්ත

සාම්ප්‍රදායික දත්ත සැකසුම් මෘදුකාංග වලින් සැකසිය නොහැකි සංකීර්ණ හා විශාල ප්‍රමානයේ දත්ත එකතු මෙලෙස හදුන්වයි. මේවා සර්වර් පරිගණක සමග බිහිවූ නව සංකල්පයකි. මේවායේ අභියෝග ලෙස,
  1. දත්ත ගබඩා කිරීම
  2. යාවත්කාලීන කිරීම
  3. විශ්ලේෂණය කිරිම
  4. දත්ත සෙවීම ආදිය දැක්විය හැකී.
එම නිසා මේවා කෙසේ හෝ නිවරදි ව පවත්වාගෙන යාමට පමණක් අවධානය යොමු කරයි. උදා. face book
ආදි කාලයේ සිටම දත්ත හා තොරතුරු වල වැදගත් කමත් වැටහී තිබූ බවත් තොරතුරු නිර්මාණය කරගැනීම සදහා විවිධ ක්‍රම අනුගමනය කල බවත් නොරහසකි . එය මූලිකවම හස්තීය ලෙස සිදුවිණි. එහිදී , කාලයක්  වැයවීම, කාර්‍යක්ශමතාව අඩු වීම , මානව දෝෂ මත ලැබෙන තොරතුරු ද නිර්වද්‍ය හා විශ්වාසනීය නොවීම, ගබඩා ඉඩකඩ වැයවීම හුවමාරුව ප්‍රමානවත් නොවීම හා දත්ත නොගැළපීම( එනම් එකම දත්ත විවිධ ගොනු වල වෙනස් ආකාරයෙන් පැවතීම මෙහිදී දත්ත යාවත්කාලීනය අපහසු වේ)  ආදී බොහෝ ගැටලු මතුවිය .  
0 Comments



Leave a Reply.

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking