අපි දන්නවා සාමාන්‍යයෙන් c පංතියේ උපජාලයක සත්කාරක බිටු තියන්නේ 8යි. ඒ අට හැදෙන්නේ මෙහෙමනේ.
255.255.255.0 මේක ද්වීමය අගයන්ගෙන් 11111111.11111111.11111111.00000000 විදි ලියන්න පුලුවන්. ඉතින් මේ බින්දු අට තමයි සත්කාරක බිටු කියන්නේ.
සාමාන්‍ය ආකාරයෙන් කරන සබ්නෙටිං ගැන හැමෝම දන්නවා ඇති. එතනදි කරන්නේ මෙන්න මේ බින්දු, වම්පැත්තෙ ඉදලා දකුණු පැත්තට තියන පිළිවෙලට, අවශ්‍යතාවය මත එකින් එක 1 කිරීමයි.
උදාහරණ 11111111.11111111.11111111.10000000 එතකොට ඒ බිටුව ජාල බිටුවක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් 10000000 කියන එක 10 යේ පාදයෙන් ලිව්වම 128 ලැබෙනවා. ඉතිං දැන් සබ්නෙට් එකත් 255.255.255.128 විදිහට හැදෙනවා.
එතකොට 11111111.11111111.11111111.11000000 විදිහට තවත් බිටුවක් ජාලය දෙසට ගත්තොත් සබ්නෙට් එක 255.255.255.192 වෙනවා නේද.
අයිපී පරාස විස්තීරණයේදී වෙන්නේ මේකේ අනිත් පැත්ත. එතනදි වැඩි කරගන්න අවශ්‍ය වෙන්නේ ජාලයේ තියන උපජාල ගණන නෙවෙයි. ජාලයේ තියන සත්කාරක හෙවත් හොස්ට් ගනන. ඉතින් දැන් මොකද කරන්න ඕනේ, අර වම් පැත්තේ තියන 1 ඉලක්කම් 0 කරලා සත්කාරක බිටු බවට පත් කරන එකයි.
උදාහරණ 11111111.11111111.11111110.00000000 මෙතනදි තුන් වැනි අශ්ඨකයේ අවසන් බිටුව සත්කාරක බිටුවක් බවට පත් කරලා තියනවා කියලා පේනවනේ. ඉතින් දැන් සබ්නෙට් එක හැදෙන්නේ 255.255.254.0 කියන විදිහට. (11111110 = 254 පැහැදිලී නේද.)
දැන් එක උපජාලයක තියන සත්කාරක ප්‍රමාණය වැඩි වෙනවා. මේක කීයද කියලා දැන ගන්න නම් ඔය තියන බින්දු ගාන දෙකේ බලයක් විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ 2^9 = 512 දැන් ජාලයේ මුලු අයිපී ලිපින ප්‍රමාණය 512 යි. මේකෙන් 510 ක් භාවිතා කරන්න පුලුවන්.
ඉතිං තවත් බිටුවක් සත්කාරක පැත්තට ගත්තොත් මොකද වෙන්නේ. සත්කාරක බිටු ගාන 10 ක් වෙනවා. ඒ කියන්නේ ජාලයේ තියෙන්න පුලුවන් අයිපී ප්‍රමාණය 1024 යි. එතකොට උපජාල ආවරණය 255.255.252.0 විදිහට වෙනස් වෙනවා. ඔන්න ඔහොමයි අයිපී පරාස විස්තීරණය කරන්නේ.
දැන් අපි ඔය 255.255.254.0 සබ්නෙට් එකේ එන අයිපී පරාසයක් බලමු
192.168.0.0 සිට 192.168.1.255 දක්වා එක පරාසයක් ලැබෙනවා. ඕකේ අග අශ්ඨකය නම් 0 සිට 255 දක්වා වෙනස් වෙනවා කියලා දන්නවනේ. 3 වැනි අශ්ඨකය 0 සිට 1 දක්වා වෙනස් වෙනවා කියලා හරියටම අදුර ගන්නේ කොහොමද. ඒක කරන්නේ අර සබ්නෙට් එකේ අලුතින් 0 කරපු බිටු ගාන දෙකේ බලයක් විදිහට අරන්. ඒ කියන්නේ දැන් 11111111.11111111.11111110.00000000 සබ්නෙට් එකේදි එක තුන් වැනි අශ්ඨකයේ එක 1 ඉලක්කමක් 0 කරපු නිසා අපි ගන්නේ 2^1 බලය. ඒ කියන්නේ 2 යි. දැන් අර වෙනස් වීම 0 සිට 1 දක්වා ඉලක්කම් දෙකයි කියලා පැහැදිලී නේද.
ඉතිං දැන් මෙන්න මේ ආකාරයෙන් ජාල හදන්න පුලුවන්
192.168.0.0 සිට 192.168.1.255 දක්වා
හෝ 192.168.2.0 සිට 192.168.3.255 දක්වා හෝ 192.168.4.0 සිට 192.168.5.255 දක්වා ආදිය වශයෙන්.
දැන් 2017 mcq 19 ප්‍රශ්නයේදී කරල තියන දේ පැහැදිලීනේද.
ඒකේ උත්තරය හොයද්දි මුලින්ම බලන්න 192.192.48.0 සහ 192.192.63.255 කියන ලිපින පරාසයේ වම් පැත්තේ ඉදලා බලාගන යද්දි තියන වෙනස් අශ්ටකය මොකද්ද කියලා. ඉතිං එහෙම ලැබෙන්නේ 48 සහ 63 නේ. ඒ දෙක අතර පරතරය කීයද, 16 නේද. ඉතිං 16 කියන්නේ දෙකේ 4 වෙනි බලයනේ. (2^4) ඒ අනුව සත්කාරකය පැත්තට අරං තියන බිටු ගාන (0 කරලා තියන බිටු ගාන) 4 කියලා අදුර ගන්නවා. ඒ කියන්නේ සබ්නෙට් එක 11111111.11111111.11110000.00000000 විදිහට ලැබෙනවා. මේක 10 පාදයෙන් තමයි 255.255.240.0 විදිහට ජාල බිටු 20 ක් සහිතව ලැබෙන්නේ.
(කිශාන් අංජන රාජමන්ත්‍රී)
1 Comment
rathnayaka
5/28/2020 10:18:51 am
well
Reply
Leave a Reply. |
ArchivesCategories
All
|