egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

IT වලින් ජොබ් තියනවද? ඒවයේ Salary කොහොමද?

1/13/2020

4 Comments

 
Picture
IT වලින් ජොබ් තියනවද? ඒවයේ Salary කොහොමද? මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න හිතුවා මේ සටහනින්.
මුලින්ම ජොබ් එහෙමත් නැත්නම් රැකියා අවස්ථා ගැන බලමු. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගත්තම ලංකාව කියන්නේ ලෝකයේ ඉහලින් ම ඉන්න රටක්. මේක ගොඩක් අය විශ්වාස කරන එකක් නෑ,
නමුත් ලංකාව තොරතුරු තාක්ෂණයෙන් සහ තාක්ෂණික දැනුමෙන් ලෝකයේ ඉදිරියෙන් ම ඉන්න රටක් බව Google Summer of Code, IEEE වැනි ලෝකයේ ප්‍රමුඛතම ආයතන මගින් පැවැත්වූ තරග බොහෝමයක දී ප්‍රථම ස්ථාන ඇතුළුව ඉහළ ම ස්ථාන ලබාගෙන ඔප්පු කර තියෙනවා. ඒ නිසා වර්තමානය වන විට තොරතුරු තාක්ෂණික දැනුමින් ලංකාව වට්ටන්න ලේසි නෑ...
තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ආයතන ගෙන බැලුවම රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙන්ම විශාල ආයතන ප්‍රමාණයක් රැකියා අවස්ථා ලබා දෙනවා. වසරකට මෙතරම් ප්‍රමාණයක් කියා කියන්න අපහසු වුණත් වර්තමානයේ රැකියා වෙළඳපොලේ රැකියා අවස්ථා වැඩිම රැකියා අතරින් එකක් ලෙස තොරතුරු තාක්ෂණය පසුවෙනවා. සරලවම කියනවා නම් ලංකාවේ විශ්වවිද්‍යාලයකින් පිටවෙලා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ට නම් රැකියාව ප්‍රමාද වෙන්නේ ඉතාම කලාතුරකින්. මේ කාලයට වෙනකොට ඒ තරම් ලොකු ඉල්ලුමක් තොරතුරු තාක්ෂණයට තියෙනවා. විශ්වවිද්‍යාල නොගොස් මේ රැකියාවලට එන්න ක්‍රමවේද තියෙනවා ඒවා ගැන වෙනම සටහනක් පසුව ගෙන එන්නම්.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් උපාධියක් රැගෙන පැමිණෙන ඕනෑම කෙනෙක් පොදුවේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් (Software Engineer) කියා හැඳින්වූවාට, තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ එකම රැකියාව මෘදුකාංග ඉංජිනේරු නෙමෙයි. පහත දැක්වෙන්නේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියා වර්ග
Software Engineer
Quality Assurance Engineer
Business Analyst
DevOps Engineer
UI/UX Engineer
Network Engineer
Database Administrator
Data Science Engineer

ඉහත රැකියා වර්ග ගැන වෙන වෙනම විස්තර කරන්න වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒක පසුවට තියමු. දැන් මාතෘකාව මේවායින් යන්න පුළුවන් ආයතන සහ වැටුප්!
ඉහත රැකියා වර්ග අතරින් බොහෝ දෙනෙක් තෝරාගන්නේ Software Engineer සහ Quality Assurance Engineer. විශ්වවිද්‍යාලයෙන් එලියට එනකොට මේ අතරින් එක් රැකියා වර්ගයක් තෝරාගෙන ක්ෂේත්‍රයට බහිනකොට තමන් දැනගත යුතුයි තමාගේ රැකියා වර්ගයට අයත් ඉල්ලුම කොහොමද කියලා.... වර්තමානයේ බොහෝමයක් ආයතනවල මේ සෑම වර්ගයකටම ඉල්ලුම තියෙනවා. මොකද මෘදුකාංග ඉංජිනේරු ආයතනයක් හරියාකාරයෙන් පවත්වාගෙන යන්න නම් මේ හැම වර්ගයේම සේවකයින් සිටීම අත්‍යාවශ්‍ය වෙනවා. නමුත් ඒ අතරින් වඩාත් ම ඉල්ලුම තිබෙන්නේ Software Engineer සහ Quality Assurance වර්ග දෙකට.
දැන් කියන්නම් ඉහත රැකියාවර්ගවලින් යන්න පුළුවන් ලංකාවේ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ආයතන කිහිපයක නම්. මේ නම් Google search කරලා ඒ ආයතන ගැන වැඩිදුර තොරතුරු හොයාගන්න පුළුවන්.
99x Technologies, WSO2, Virtusa, MIT, Sysco Labs, CodeGen, IFS, Embla, Incubate Labs, Omobio, Arimac, Calcey, DirectFN, Gapstars, Crowderia Sampath Bank, Commercial Bank, Bank of Ceylon, Ceylon Electricity Board, Ceylon Water Board
මේ ආයතන ඇතුළුව තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ආයතන 300ක් පමණ වර්තමානය වන විට ලංකාව තුළ පිහිටුවා තිබෙනවා. ඒ සෑම ආයතනයකින් ම ඉහත සඳහන් තොරතුරු තාක්ෂණ රැකියා වර්ග සෑම එකකින් ම නවකයින් බඳවාගනු ලබනවා.
දැන් කියන්නම් වැටුප් ගැන. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කියන්නේ ලංකාව තුළ ඉහල ම වැටුප් ප්‍රමාණයක් හිමිවන ක්ෂේත්‍රයක්. හරියටම මෙතෙක් යැයි කීමට නොහැකි වුණත්, විශ්වවිද්‍යාලකින් අලුතින් පිටවූ සිසුවෙකු ඉහත සඳහන් ආයතනයක් හෝ වෙනත් තොරතුරු තාක්ෂණ ආයතනයකට යන විට ආසන්න වශයෙන් රු. 100,000/- වැටුපක් හිමිවෙනවා. මෙය ආයතනයෙන් ආයතනයට වගේම සිසුවාගේ දක්ෂතාවන් හා විශ්වවිද්‍යාලයේ ලකුණු මත වෙනස් වෙනවා. පරාසයක් ලෙස කියනවා නම් ආරම්භක වැටුප ආසන්න වශයෙන්
Software Engineer : 75,000 - 140,000
Quality Assurance : 50,000 - 100,000
සහ අනෙක් රැකියා වර්ග : 50,000 - 90,000
ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම මේවා කාලයත් සමග බොහෝ සෙයින් වෙනස් වෙනවා.

තවදුරටත් විස්තර දැනගන්න ඕනේ නම් Message එකක් එවන්න.
​ඊලඟ ලිපියෙන් හමුවෙමු!



POST BY : Prasad Srimal
4 Comments
Chanaka Pradeep
1/14/2020 09:21:56 am

තව විස්තර ඔනි

Reply
Indumini
4/28/2020 08:40:30 pm

තව විස්තර ඕනෙ අනිව

Reply
Kisara
10/5/2020 06:38:20 am

IT ඩිප්ලෝමාවකින් කට හැකි රැකියා මොනවද?

Reply
Janith udayanga link
6/17/2021 11:31:55 am

After o/l kenekta A/l igenaganna gaman karanna pattime job akak tiyanawada IT igenumata awashya mudal hoya ganna samanya watupak ati . Puluwannam rakiyawak pilibada wistarayak kiyanna.

Reply



Leave a Reply.

    Categories

    All
    BIT
    BSE
    CAMPUS
    COMPUTER SCIENTISTS
    DEGREE
    E BOOK
    EXAM
    HARDWARE
    HNDIT
    IT DEGREE
    IT FIELD
    IT JOBS
    PRIVATE UNIVERSITY
    PROGRAMMING
    TIME TABLE


    RSS Feed