egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

මොරටුව IT ද?කොළඹ CS ද?

1/7/2020

1 Comment

 
Picture
පළවෙනි Article එක විදියට ගොඩක් දෙනෙක්ට තියන ලොකුම ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න හිතුවා. මේ ප්‍රශ්නය ඇතිවෙන්න පුළුවන් මේ A/L විෂය ධාරාවන් දෙකෙන් එකක් කරපු කෙනෙක්ට විතරයි. ඒ තමයි ගණිත විෂය ධාරාව සහ පොදු විෂය ධාරාව ඒ කියන්නේ Maths එක්ක ICT. 
මේ විෂය ධාරාවන් දෙකෙන් උසස් පෙළ කරන අයට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් යන්න පුළුවන් හොඳම උපාධි පාඨමාලා දෙකක් තමයි මොරටුව විශ්වවිද්‍යාලය මගින් පිරිනමන තොරතුරු තාක්ෂණ උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන අංශය (University of Colombo School of Computing - UCSC) මගින් පිරිනමන පරිගණක විද්‍යා උපාධිය.

හරියටම කියනවා නම් මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය මගින් පිරිනමන මේ කියන උපාධියේ නම විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය (Bachelor of Science in Information Technology - honors) හෙවත් BSc.IT(hons). UCSC මගින් පරිගණක විද්‍යාවට අදාලව උපාධි තුනක් පිරිනමනවා. ඒවා නම් විද්‍යාවේදී පරිගණක විද්‍යා උපාධිය (Bachelor of Science in Computer Science) හෙවත් BSc.CS, විද්‍යාවේදී පරිගණක විද්‍යා ගෞරව උපාධිය (Bachelor of Science in Computer Science - honors) හෙවත් BSc.CS(hons) සහ විද්‍යාවේදී මෘදුකාංග ඉංජිනේරු ගෞරව උපාධිය (Bachelor of Science in Software Engineering - honors) හෙවත් BSc.SE(hons).
ඒවා අතර වෙනස්කම් මෙහෙමයි.
මොරටුව විශ්වවිද්‍යාලයේ BSc.IT(hons) උපාධිය හැමෝටම අනිවාර්යෙන් අවුරුදු 4ක් කරන්න තියෙනවා. out වෙන හැමෝම සිව් අවුරුදු ගෞරව උපාධියක් අරගෙන තමයි Out වෙන්නේ.
UCSC CS වලදි තුන්වෙනි වසරේ හොඳම ලකුණු ගත් සහ හොඳම ලකුණු ගත් අය අතුරින් තමන්ගේ කැමැත්ත අනුව තෝරාගත් ළමුන් 40ක පමණ පිරිසකට තමයි සිව් අවුරුදු ගෞරව උපාධි දෙක වන BSc.CS(hons) සහ BSc.SE(hons) දෙකෙන් එකක් හදාරන්න ලැබෙන්නේ. අනෙක් හැමෝටම තුන් අවුරුදු BSc.CS උපාධිය තමයි ලැබෙන්නේ.

එතකොට මොකක්ද සිව් අවුරුදු ගෞරව උපාධියක තියෙන විශේෂත්වය?
ඒක විශේෂ වෙන්නේ අවස්ථා කිහිපයක දී පමණයි. පළවෙනි එක විදේශ රැකියා. පිටරටක මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම සිව් අවුරුදු ගෞරව උපාධියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල කථිකාචාර්ය හෝ වෙනත් තනතුරකට යොමුවීමේ අරමුණින් උසස් අධ්‍යාපනය හැදැරීමට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම සිව් අවුරුදු ගෞරව උපාධියක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට බඳවා ගැනීමේ දී සහ ඇතැම් පෞද්ගලික ආයතනවලට බඳවා ගැනීමේ දී සිව් අවුරුදු ගෞරව උපාධියක් අවශ්‍ය වෙනවා. ඒ හැරුණුකොට බොහෝ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන මෙය එතරම් සලකා බලන්නේ නෑ.

ඒ කියන්නේ ඔයා රට යන්න අදහස් කරනවා නම් හරි උසස් අධ්‍යාපනය හදාරන්න හිතනවා නම් හරි අවුරුදු 4 ගෞරව උපාධියක් අරගන්න එක අනිවාර්ය වෙනවා. ඒ වගේම රැකියා සඳහාත් වඩා වාසිදායක වෙන නිසා අවුරුදු 4 ගෞරව උපාධියක් හදාරන්න බලාපොරොත්තු වෙනවා නම් සිසුන් සංඛ්‍යාවක් ලෙස ගත් කල වැඩි අවස්ථාවක් තියෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධියෙන් එය ලබාගන්න එක. නමුත් එයින් අදහස් වෙන්නේ UCSC CS මගින් ඒ අවස්ථාව ඉතා අඩුයි කියන එක නෙමෙයි. තමන්ට විශ්වාසයක් තියෙනවා නම් පළමු 40 දෙනා අතරට ඇතුලත් වෙලා සිව් අවුරුදු උපාධිය ගන්න පුළුවන් කියලා, UCSC CS යන එක ඉතාම හොඳයි.

මේ දෙක අතර තියෙන සමානකම් මෙහෙමයි.
දෙකම පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙයන්. ඒ වගේම දෙකම යෝග්‍යතා පරීක්ෂණ නොතියා තමයි සිසුන් බඳවා ගන්නේ.

රැකියා අවස්ථා මේ උපාධි වර්ග දෙකටම සමානයි. මේ දෙකෙන්ම සිසුවෙක් එලියට එන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට. මේ දෙකම ලංකාවේ ඕනෑම මෘදුකාංග ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ආයතනයක් විසින් පිළිගනු ලබනවා. වර්තමානයේ බොහෝ ආයතනවල මේ දෙකෙන්ම පිටවුණු මෘදුකාංග ඉංජිනේරුවන් සම සමව සිටිනවා. ඒ සෑම තැනකම වැටුප් පවා මේ දෙකටම සමානයි. (රැකියා අවස්ථා සහ ඒවායේ වර්තමාන වැටුප් ගැන වෙනම ලිපියකින් විස්තර දෙන්නම්).

මේ විස්තරය අනුව දැන් තමන්ට මේ දෙකෙන් එකක් තෝරගන්න අවස්ථාව ලැබුණොත් මොකක්ද තෝරගන්නේ කියන එක පිළිබඳ අදහසක් ඇති. තවදුරටත් විස්තර ඕනේ නම් Comment එකක් හරි Message එකක් හරි එවන්න. ඊලඟ ලිපියෙන් හමුවෙමු!
POST BY : Prasad Srimal‎
1 Comment
Dianan
1/7/2020 02:32:22 pm

Commerce ekka ict karapu kenek networking site ekata yanawanam follow karanna onna campus degree eka mokadda ?

Reply



Leave a Reply.

    Categories

    All
    BIT
    BSE
    CAMPUS
    COMPUTER SCIENTISTS
    DEGREE
    E BOOK
    EXAM
    HARDWARE
    HNDIT
    IT DEGREE
    IT FIELD
    IT JOBS
    PRIVATE UNIVERSITY
    PROGRAMMING
    TIME TABLE


    RSS Feed