මම පොදු අධ්‍යාපන ක්‍රමයෙනුත් පුද්ගලික අධ්‍යාපන ක්‍රමයෙනුත් යන ක්‍රම දෙකෙන් ම අධ්‍යාපනය ලබාගෙන ඉන්න කෙනෙක්. රාජ්‍ය පාසලක එක වසරේ ඉඳන් අධ්‍යාපනය හදාරලා පෞද්ගලික උපකාරක පංතිවලින් උසස් පෙළ හදාරලා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගත් මම, අද වෙනකොට මේ කියන්න යන මතය දරන්නේ, වර්තමානයේ පෞද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වශයෙන් සේවය කිරීමෙන් ලබන අත්දැකීම්වලින් සහ 2012 වසරේ සිට අද දක්වා සිසුන් ගණනාවක් විශ්වවිද්‍යාල යැවූ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දේශකවරයෙකු ලෙස අත්දැකීම් කිහිපයක් ලබාගැනීමෙන් පසුවයි.
පෞද්ගලික අධ්‍යාපනය ලෙස මම මෙහි අදහස් කරන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල මිස, පෞද්ගලික උපකාරක පංති නොවෙයි. පෞද්ගලික උපකාරක පංති සම්බන්ධව මම දරන්නේ වෙනම මතයක්. මම උසස් පෙළ තොරතුරු තාක්ෂණ පෞද්ගලික උපකාරක පංති දේශකයෙක් වුණත්, මගේ මතය අනුව ලංකාවේ පාසල්වල ඇති කාලච්ඡේද, අදාල විශයන් ඉගැන්වීම සඳහා හොඳටම ප්‍රමාණවත්. ඒ කාලච්ඡේද නිවැරදි ලෙස යොදාගෙන, විද්‍යාගාර පහසුකම් හොයාගෙන හරියටම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිද්ධකරනවා නම්, ළමුන්ට උපකාරක පංති අවශ්‍ය නෑ. ලංකාවේ උපකාරක පංති කියලා දෙයක් ඇති වෙන්න ඕනෙත් නෑ පාසල්වල ඒ විදියට උගන්වනවා නම්. නමුත් අද ලංකාවේ බොහෝ පාසල්වල ඒ ක්‍රියාවලිය ඒ ආකාරයෙන් සිද්ධ නොවෙන නිසා ළමුන්ට උපකාරක පංතිවලට යන්න සිද්ධවෙලා තියෙනවා. උපකාරක පංතිවල පිහිටෙන් සියලු විභාග සමත් කරගැනීමට සිදුවෙලා තියෙනවා. ඒ සියල්ල ඒ ආකාරයෙන් ම ඉගෙනගන්න තිබෙන පාසල් කාල වේලාව අපතේ හැර, ළමුන් මේ උපකාරක පංතිවලට යන්නේ ඒ ළමුන්ට පාඩම් කරන්න තියෙන වෙලාවේ. ළමුන් පාඩම් කරන්නේ ඒ ළමුන්ට රසවින්දනයක්, ක්‍රීඩාවක් කිරීමට තිබෙන වෙලාවේ. අද කාලයේ ළමුන් මෙන්ම දෙමාපියන් ද මේ ක්‍රියාවලියට හුරු වෙලා නිසා දැන් ඒ ක්‍රමය ආපස්සට හරවන්න අපහසුයි. මෙය වෙනම කතා කළ යුතු මාතෘකාවක්. මේ ලිපියේ මාතෘකාව මෙය නොවෙන නිසා මේ අදහස මෙතැනින් නතර කරන්නම්.
පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව මම දරන මතය නම්, ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල තිබිය යුතුයි. එහෙම කියන්නේ ප්‍රධාන හේතු දෙකක් ඇතුව සහ කොන්දේසි දෙකක් ඇතුව. හේතු දෙක තමයි, පළවෙනි එක - ලංකාවේ උසස් පෙළ සමත් වෙන (S තුන සහිතව) සියලු දෙනා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සිසුන් ලෙස රජයෙන් ම නම් කරනවිට සහ එම රජයේ ම විශ්වවිද්‍යාලවලට ඔවුන් සියලු දෙනා ඇතුලත් කරගන්නේ නැතැයි යන්න පැවසූවිට ඉහත කී “ ලංකාවේ උසස් පෙළ සමත් වෙන (S තුන සහිතව) සියලු දෙනා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සිසුන්“ ලෙස ප්‍රකාශ කිරීමේ ඇති තේරුම කුමක් ද? එම සිසුන් සියලු දෙනාටම යාමට විශ්වවිද්‍යාල තිබිය යුතුයි. එය රජයෙන් සිදු නොවේ නම් පුද්ගලිකව හෝ විය යුතුයි. දෙවෙනි එක - ලංකාවේ උසස් පෙළ හැදැරීමේ දී තමන් කැමති විෂයන් තෝරාගැනීමට ළමුන්ට නීතිමය අවසර තිබුණත්, බොහෝ පාසල්වල ඇති ගුරුවරුන්ගේ හිඟකම සහ සම්පත්වල අඩුව නිසා එසේ ඕනෑම විෂය තුනක් තෝරාගෙන උසස් පෙළ හදාරන්න අවස්ථාව ලබා දෙන්නේ නෑ. එසේ තෝරාගැනීමට තිබෙන එකම අවස්ථාව පෞද්ගලික අයැදුම්කරුවෙක් ලෙස උසස් පෙළ හැදෑරීම. නමුත් එසේ විවිධ විෂයන් කරන ඇතැම් සිදුන්ට සහ උසස් පෙළ නොකරන සිසුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලවල දොර විවෘත වන්නේ නෑ. ඒ අතර සිටින දක්ෂයින්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට තැනක් තිබිය යුතුයි. එය පුද්ගලික විශ්වවිද්‍යාලවලින් සිදු වේ නම්, ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල තිබිය යුතුයි. කොන්දේසි දෙක තමයි, පළවෙනි එක - පුද්ගලික විශ්වවිද්‍යාලක අධ්‍යයන පරිසරය, විෂය කරුණු සහ ඉගැන්වීමේ තත්වය (Quality) රාජ්‍ය විශ්වවිද්‍යාල සමග සමාන්තර විය යුතුයි. දෙවෙනි එක - පුද්ගලික විශ්වවිද්‍යාල ලාභ ලබන ආයතන වූවත්, එකම පරමාර්ථය ලාභ ලැබීම නොවිය යුතුයි. මේ කොන්දේසි දෙක ම සපුරන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තිබේ නම් එයට විරුද්ධ වීමට හෝ එම විශ්වවිද්‍යාලය මගින් ලබාදෙන උපාධි නොපිළිගැනීමට කිසිම හේතුවක් නෑ. සයිටම් වෛද්‍ය විද්‍යාලයට මම විරුද්ධ වුණේ මෙන්න මේ කොන්දේසි දෙක නොමැති වීම නිසා. අනෙක් ක්ෂේත්‍ර වගේ නෙමෙයි වෛද්‍ය අධ්‍යාපනයත් එක්ක ඒ වගේ සෙල්ලම් කරන්න බැහැ. එතකොට ලංකාවේ මේ කියන කොන්දේසි තිබෙන පෞද්ගලික විශ්වවිද්‍යාල මොනවද? ලංකාවේ තිබෙන බොහෝ පුද්ගලික විශ්වවිද්‍යාල තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර සහ ඉංජිනේරු යන ක්ෂේත්‍රවලට සම්බන්ධ ඒවා. මේ අතරින් ඇතැම් පුද්ගලික විශ්වවිද්‍යාල, ලංකාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්වල ඇතැම් රාජ්‍ය විශ්වවිද්‍යාලවලටත් ඉහලින් සිටිනවා. එම විශ්වවිද්‍යාලවල තොරතුරු, අවසානයේ පහතින් දක්වන්නම්. ඊලඟ කාරණය තමයි, මොනවගේ අවස්ථාවකදි ද ඔබ උසස් අධ්‍යාපනය සඳහා පුද්ගලික විශ්වවිද්‍යාලයක් තෝරාගත යුත්තේ? උසස් පෙළ එක් වරක් පෙනී සිට, ඉන් සමත් වූ නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියකට ඇතුලත් වීමට නොහැකි සිසුවෙකුට මම දෙන උපදෙස තමයි, වත්කමක් තිබේ නම් නැවත උසස් පෙළ විභාගය නොකර, තමන් කැමති ක්ෂේත්‍රය ඇති පුද්ගලික විශ්වවිද්‍යාලයකට අයැදුම් කිරීම. තමන්ට දෙවෙනි හෝ තුන්වෙනි අවස්ථාවේ දී විශිෂ්ඨ ප්‍රතිපල ලබාගැනීමට හැකි බව තහවුරු නම් මේ කතාව අදාල වෙන්නේ නෑ. මොකද පළමුව සලකා බැලිය යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීම. මම ඒක නොකිව්වත් බොහෝ දෙනාගේ පළමු උත්සාහය වෙන්නේ ඒක තමයි. තමුන්ට එතරම් විශ්වාසයක් නොමැතිව, නැවත වරක් උසස් පෙළ හැදෑරීමට කාලය යොදවන එක මගේ මතය අනුව නම් අපරාධයක්. අද ලංකාවේ සාමාන්‍යෙයන් තුන්වෙනි වර උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී ඉන් පිට වී රැකියාවක් සඳහා යන අයෙකුගේ වයස අවුරුදු 26ක් හෝ 27ක්. පුද්ගලයෙකුට ශ්‍රම දායකත්වය සැපයීමේ ශක්තිය සහ වගකීම ලැබෙන වසය අවුරුදු 19, 20, 21 සිට අවුරුදු 25, 26 දක්වා කාල සීමාව දැන් ගෙවෙන්නේ අධ්‍යාපනයට. ඒ නිසා පරම්පරාවෙන් උරුම වන ව්‍යාපාර හැරුණුකොට, ලංකාවේ අධ්‍යාපනයෙන් පමණක් ඉහලට ගිය වයස අවුරුදු 35 හෝ 40ට අඩු තරුණ ව්‍යවසායකයින් ඉන්නේ අතලොස්සක් පමණයි. ඒ නිසා මගේ මතය නම් “උසස් පෙළ සමත්“ සිසුවෙක් ලෙස තවදුරටත් උසස් පෙළ හැදෑරීම වෙනුවට පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී ඊට අඩු කාලයක් තුලදී ශ්‍රමය සැපයීම සිදු කිරීමයි වඩා වැදගත් වන්නේ. උසස් පෙළ අසමත් සිසුවෙක් නම් මෙහි පැති දෙකක් සලකා බැලීමට සිදුවෙනවා. තමන් සිටිනා තත්වය සහ තමන් කැමති ක්ෂේත්‍රයෙහි ඇති රැකියා ඉල්ලුම අනුව සිතා බැලිය යුතු වෙනවා උසස් පෙළ අසමත් ලෙසින්ම උපාධියක් ලබාගන්නවාද, නැතහොත් උසස් පෙළ සමත් වී ඒ මාර්ගයට එනවාද කියන එක. ලංකාවේ සියලු ම රාජ්‍ය ආයතන සහ ඇතැම් පුද්ගලික ආයතන උසස් පෙළ සමත් වී සිටීම අනිවාර්යෙන්ම බලනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමේ දී විශ්වවිද්‍යාලවල ශ්‍රේණිගතකිරීම්, විශ්වවිද්‍යාලවල අධ්‍යයන පරිසරය, උපාධිවල පිළිගැනීම, පහසුකම් හා සේවාවන් ආදිය ගැන සිසුන්ට අමුතුවෙන් සොයා බැලීමට අවශ්‍ය වන්නේ නෑ. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල එම කරුණු ඉතාම හොදින් පවතිනවා. නමුත් පුද්ගලික විශ්වවිද්‍යාලයක් තෝරාගැනීමේ දී මෙම කරුණු සැලකිල්ලෙන් අධ්‍යයනය කර, සුදුසුම ආයතනය තෝරාගත යුතු වෙනවා. විශේෂයෙන් ම, අධ්‍යයන කටයුතුවල තත්වය, කථිකාචාර්යවරුන් සහ අධ්‍යයන පරිසරය ගැන සොයා බැලිය යුතු වෙනවා. මේ විදියට තමන්ට යන්න පුළුවන් ලංකාවේ ඉතාම හොඳ පුද්ගලික විශ්වවිද්‍යාල කිහිපයක විස්තර තමයි මේ. විශ්වවිද්‍යාල ප්‍රතිපානය කොමිෂම සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළිගත් උපාධි ලබාදෙන ආයතන - 1) Sri Lanka Institute of Information technology (SLIIT) 2) Sri Lanka Institute of Development Administration 3) National Institute of Fisheries and Nautical Engineering 4) National Institute of Social Development 5) National Institute of Business Management (NIBM) 6) South Asian Institute of Technology and Medicine (Pvt) Ltd. (SAITM) 7) National School of Business Management Limited (NSBM) 8) Colombo International Nautical and Engineering College (CINEC) 9) Sri Lanka International Buddhist Academy 10) The Institute of Chartered Accountants of Sri Lanka (CA) 11) SANASA Campus Limited 12) Horizon Campus 13) KAATSU Highly Advanced Medical Technology Training Centre(Pvt) Ltd 14) Nagananda International Institute for Buddhist Studies (pvt) Ltd 15) Aquinas College of Higher Studies 16) Institute of Technological Studies 17) SLT Campus (Pvt) Ltd 18) Saegis Campus (Pvt) Ltd 19) British Computer Society (BCS) 20) Sri Lanka Institute of Architects (SLIA) මේ සම්බන්ධව වැඩි විස්තර මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html මීට අමතරව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා සම්බන්ධ, රැකියා වෙළඳපොලේ පිළිගත් උපාධි ලබාදෙන ආයතන - 1) Informatics Institute of Technology (IIT) 2) International College of Business & Technology (ICBT) 3) Asia Pacific Institute Of Information Technology (APIIT) ඉහත සඳහන් කළ සියලුම ආයතනවල ඇති සියලු උපාධි, ඒවා හැදෑරීමට අවශ්‍ය අවම සුදුසුකම්, කාල සීමාව, ගාස්තු සහ අනෙකුත් විස්තර එම විශ්වවිද්‍යාල සහ ආයතනවල වෙබ් අඩවිවල අඩංගු වෙනවා. Google හි එම විශ්වවිද්‍යාලවල නම සෙවුමක් සිදුකර පහසුවෙන් ඒ විස්තර බලාගන්න පුළුවන්. ඊලඟ කාරණය මේ පුද්ගලික විශ්වවිද්‍යාලවලට ඇති පිළිගැනීම. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇසුරින් නම් පහසුවෙන් ම කියන්න පුළුවන් ඉහත සඳහන් කළ, තොරතුරු තාක්ෂණයට සම්බන්ධ සියලුම ආයතනවලට හොඳ පිළිගැනීමක් තිබෙනවා. මා රැකියාව කරන ආයතනයේ සහ ක්ෂේත්‍රෙය් මට ඇති අත්දැකීම් අනුව මට කියන්න පුළුවන්, හරියට ක්ෂේත්‍රය ගැන දැනගෙන ඉගෙනගෙන එන ඕනෙම කෙනෙක්ට ආයතනවල දොර විවෘත වෙනවා. මෙතැන දී පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් සම්බන්ධව ඇති එකම කාරණය නම්, රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිටවන සිසුන් සමග කරට කර සිටීමට නම්, වැඩි උනන්දුවකින්, වැඩි මහන්සියකින්, නිවැරදිව සහ කාලීන ලෙස උපාධිය නිම කිරීමට සිදු වෙනවා. එවිට ඉහත කී ශ්‍රේණිගතකිරීම් වැනි කරුණු රැකියාවේ දී බොහෝ විට අදාල වන්නේ නෑ. මා රැකියාව කරන ආයතනය ඇතුළුව ලංකාවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ආයතන බොහොමයක SLIIT, IIT, NSBM, NIBM, APIIT, ICBT යන ආයතනවලින් පිටවූ අය සිටිනවා. ඇතැමුන් ඉහල නිළතල දරන අය. අවසාන වශයෙන් කියන්නේ කාලය ඉතා වටිනා සාධකයන් බැවින් නිසි කල දී තමන්ගේ ඉලක්කය කරා යන්න උත්සාහා කරන්න කියන එකයි. ඒකට ඇතැම් පිරිසකට තිබෙන හොඳම අවස්ථාව රාජ්‍ය විශ්වවිද්‍යාල වන අතර ඇතැම් පිරිසකට තිබෙන හොඳම අවස්ථාව පුද්ගලික විශ්වවිද්‍යාල යි. විශ්වවිද්‍යාල තබා අකුරක්වත් ඉගෙනගෙන නැති කෝටිපති ව්‍යාපාරිකයෝ ලංකාවේ නැතුවා නොවේ. ධම්මික පෙරේරා මහතා වරක් පැවසූ අයුරින්, නිසි අධ්‍යාපනයක් ලද දරුවෙකු කිසිදාක දුප්පතෙකු කිරීමට නොහැකිය. ඒ නිසා කෝටිපතියෙකු වීමට පෙර දුප්පතෙකු නොවීමට වගබලාගන්න. ඉහත ආයතන සංසන්දනයක් පොදුවේ සිදුකළ නොහැක. ඒ පිළිබඳව සහ වැඩි විස්තර අවශ්‍ය අය Message එක්ක දාන්න. විරුද්ධ මත තියන අය ඕනතරම් ඉන්න පුළුවන්. ඒ නිසා සංවාදයට විවෘතයි! ඊලඟ ලිපියෙන් හමුවෙමු...
POST BY : Prasad Srimal
2 Comments
Leave a Reply. |