egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක පිළිගැනීම මැනගන්නේ කොහොමද?

1/10/2020

3 Comments

 
Picture
මේ කියන්න යන්නේ මේ කාලේ උසස් පෙළ ළමුන් නිතරම අවධානයෙන් පසුවෙන, නමුත් නිවැරදි අවබෝධයක් අඩු කාරණයක් ගැන. ඇත්තටම කොහොමද අපි විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක පිළිගැනීම මැනගන්නේ? එහෙමත් නැත්නම් උපාධියේ පිළිගැනීම අනුව කොහොමද උපාධි පාඨමාලා පෙළගස්වන්නේ? අද මේ කාරණය ගැන බලමු
මුලින්ම බලමු මොකක්ද උපාධි පාඨමාලාවක පිළිගැනීම කියන්නේ කියලා. උපාධි පාඨමාලාවක පිළිගැනීම කියන්නේ යම්කිසි උපාධි පාඨමාලාවකට, එම උපාධි පාඨමාලාව අයත් ක්ෂේත්‍රයේ ආයතනවලින්, එම ක්ෂේත්‍රයේ නොවන ආයතනවලින්, රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතනවලින්, වෙනත් විශ්වවිද්‍යාලවලින් සහ විදේශ රටවලින් ලබාදෙන මූලිකත්වයට. එතකොට උපාධියේ පිළිගැනීම වැඩි නම් ඉහල මූලිකත්වයකින් රැකියාවකට, උසස් අධ්‍යාපනය සඳහා වෙනත් විශ්වවිද්‍යාලයකට හෝ විදේශ රටකට යාමට අවස්ථාව ලැබෙනවා වගේම පිළිගැනීම අඩුයි නම් අඩු මූලිකත්වයක් තමයි හිමිවෙන්නේ.
ඊලග කාරණය තමයි කොහොමද උපාධි පාඨමාලාවක පිළිගැනීම මැනගන්නේ කියන එක. මේකෙදි මුලින්ම කියන්න ඕනේ කාරණය තමයි බොහෝ අය හිතන් ඉන්න පරිදි උසස් පෙළ Z Score එක හෝ Cutoff Mark එකෙන් නම් නෙමෙයි උපාධියක පිළිගැනීම මනින්නේ! A/L Z Score කියන්නේ බොහෝ සාධක මත රඳාපවතින අගයක්. ඒක එක් එක් අවුරුද්දේ උසස් පෙළට පෙනී සිටින ළමුන් ගණන, සමත් වෙන ළමුන් ගණන, එක් එක් විෂයේ ප්‍රතිඵලවල ප්‍රමත ව්‍යාප්තිය, විවිධ උපාධි පාඨමාලාවලට ළමුන් ඉල්ලුම් කර ඇති ප්‍රමාණය වගේම යෝග්‍යතා පරීක්ෂණ ලෙස සාධක ගණනාවක් ඒ අතර වෙනවා. 
ඒ නිසා ඒකට උපාධි පාඨමාලාවල පිළිගැනීමත් එක්ක සෘජු සම්බන්ධතාවක් නැහැ. නමුත් වක්‍ර සම්බන්ධතාවක් තියෙනවා. ළමුන් වැඩිපුර ඉල්ලුම් කරන්නේ සමාජය විසින් පිළිගත් ලෙස සලකන උපාධි පාඨමාලා කිහිපයකටයි. එවිට ඉබේටම ඒ උපාධි පාඨමාලාවල Z අගය වැඩිවෙලා අනෙක් උපාධි පාඨමාලාවල Z අගය අඩු වෙනවා. නමුත් එය සෑමවිටම හෝ අනිවාර්යෙන්ම සිදුවන දෙයක් කියන්න බෑ.
සැබෑවටම උපාධි පාඨමාලාවක පිළිගැනීම රඳාපවතින්නේ මෙන්න මේ කාරණා මතයි. පළවෙනිම දේ උපාධි පාඨමාලාවේ අන්තර්ගතය. එහෙමත් නැත්නම් විෂය නිර්දේශය. ඒක කාලානුරූපව යාවත්කාලීන වෙලා තියෙන්න ඕනේ වගේම Industry එකට හැඩගැහෙන්න අවශ්‍ය දේ එහි තියෙන්න ඕනේ. විශේෂයෙන්ම Industry එක ඉලක්ක කරගත් අන්තර්ගතයක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. ඊලග කාරණය ව්‍යාපෘති සහ සමීක්ෂණ සිදුකිරීමට ඇති පහසු කම් සහ කාලය. බොහෝ දුරට විශ්වවිද්‍යාලයකින් ලබා ගන්නා උපාධි පාඨමාලාවක දැනුම බාහිර ලෝකයට යෙදිය හැකි ආකාරය ගැන වගේම එයින් ගමන් කළ හැකි නව තාක්ෂණ සොයාගන්නේ තනිව හෝ කණ්ඩායම් වශයෙන් සිදුකරන ව්‍යාපෘති මගින් සහ සමීක්ෂණ මගින්. ඒවා සිදු කිරීමට කාලය වැය කළ නොහැකි උපාධි පාඨමාලාවක් නම් එය පිළිගත් එකක් වීමට ඇති හැකියාව අඩුයි. ඊලඟ කාරණය බාහිර ක්‍රීඩා කටයුතු වැනි දේ සහ විවිධ සමාජ සංවිධාන සමග සම්බන්ධ වීමේ ඇති හැකියාව. පුද්ගලයෙක් නිකම්ම උපාධියක් අරන් එලියට ආවට ඔහුව කැපී පෙනෙන්නේ නෑ. මොකද ඔහු වගේම දහස් ගණනක් විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන එලියට එනවා. ඒ අතරින් නිවැරදි ලෙස කැපී පෙනීමට විවිධ ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් වගේම IEEE Students branches, AIESEC වැනි සමාජ සංවිධානවල කටයුතු කිරීම වැදගත් වෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාලයක් කියන්නේ අධ්‍යයන කටයුතු වගේම ක්‍රීඩා කටයුතුත් බොහොම ඉහලින් සිදුවන තැනක්. Industry එකට ඕන කරන්නෙත් පොතේ දැනුමට පමණක් සීමා නොවුණු, තාර්කික බුද්ධිමත් පුද්ගලයෙක්. මේ කරුණුවලට අමතරව, විශ්වවිද්‍යාලයේ වර්තමාන ශ්‍රේණිගතකිරීමත් තරමක් දුරට වැදගත් සාධකයක් වෙනවා අදාල උපාධි පාඨමාලාවේ පිළිගැනීම සලකා බැලීමට.

සමාජයේ විවිධ මත තියෙනවා “අර කැම්පස් එක හොඳයි, මේ කැම්පස් එක හොඳ නෑ, ජොබ් නෑ, ජොබ් හොයාගනිද්දි නාකි වෙනවා“ වගේ දේවල්. ඒවා හරි වෙන්නත් පුළුවන් වගේම වැරදි වෙන්නත් පුළුවන්. තර්කානුකූලව හරි හෝ වැරදි කියන්න පුළුවන් සාධක නෙමෙයි ඒවා. ඒ නිසා තවදුරටත් සමාජයේ පිළිගැනීම තියෙන උපාධි නෙමෙයි, මම ඉහත කිව්වා වගේ Industry සහ වෙනත් විශ්වවිද්‍යාල සහ විදේශ රටවලින් පිළිගැනීම ඇති උපාධි පාඨමාලා ගැන, මම ඉහතින් කිව්ව සාධක හැකිතාක් සොයාබලා වටහාගන්න කියලා කියා සිටිනවා. ඒ කරුණු හොයාගන්න අද කාලේ හරිම ලේසියි ඕන තරම් ක්‍රම තියනවා. ළමුන් ඒවා නිවැරදි ලෙස භාවිත කිරීමයි අවශ්‍ය වෙන්නේ.

තවත් ප්‍රශ්න තිබේ නම් Comment එක්ක දාන්න. නැවතත් ලිපියකින් හමුවෙමු!
POST BY : Prasad Srimal‎​
3 Comments
Indika senarathna
1/10/2020 07:32:18 pm

Uva wellassa university eke Bachelor of industrial information technology degree eka hodada?

Reply
Vihangi
1/10/2020 11:56:15 pm

IEEE Students branches, AIESEC වැනි සමාජ සංවිධාන koheda thiyenne? Ewata join wenne කොහොමද ?

Reply
Yasith bagya
1/12/2020 07:44:59 pm

Japura physical science-ict kyn course ek hodd?valid dgree ekk hmbenwd job wlt yaddi

Reply



Leave a Reply.

    Categories

    All
    BIT
    BSE
    CAMPUS
    COMPUTER SCIENTISTS
    DEGREE
    E BOOK
    EXAM
    HARDWARE
    HNDIT
    IT DEGREE
    IT FIELD
    IT JOBS
    PRIVATE UNIVERSITY
    PROGRAMMING
    TIME TABLE


    RSS Feed