egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

Applications of ICT | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදුම්

12/27/2020

0 Comments

 
Picture
වර්තමානයේ සමාජයේ බොහෝ ක්ශේත්‍ර වල ආයතන තම විවිධ වූ ක්‍රියාකාරකම් සදහා ICT භාවිත කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය

පරිගණක පාදක ඉගෙනුම , පාලනය , බෙදාහැරීම හා කලමණාකරනය සදහා පහත ආකාරයට ඉගෙනීම් අගයයි.
  • අනුහුරුකරණය. ( Simulation )
රසායනාගාර තුළ සිදුකළ නොහැකි විෂයන් පිලිබඳ සොයාබැලීම සදහා Simulation හා prototype යොදා ගනී. විශේෂයෙන්ම ‌වෛද්‍ය හා ඉංජිනේරු විද්‍යාවේදී මෙය භාවිත කරයි.
  • දුරස්ථ ඉගෙනුම
 21 වන සියවසේ නව ප්‍රවණතාවයකි. දුරස්ථභාවය හේතුවෙන් වන බාධක ඉවත් කොට ඔනෑන අයෙකුට ඕනෑම රටක උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම් ද්‍රව්‍ය මධ්‍යස්ථානයකට යෑමේ අවශ්‍යතාවයකින් තොරව අධ්‍යාපනය ලබාගත හැකී.
  • වඩා හොඳ අන්තර්ගතයක් ලබාදීම
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩා ආකර්ෂණීය, පහසු හා සම්පූර්ණ කරගැනිම සදහා ICT භාවිත කිරීමයි. අන්තර් ක්‍රියාකරී පුවරු, බහුමාධ්‍ය ක්‍රම
  • ස්වයං ඉගෙනුම
ශිෂය අවශ්‍යතාවලට සරිලන අයුරින් ඔවුන්ගේ ඉගෙනුම් සංවිධානය කරගැනීමට අවස්ථාව ලබා දේ. මේ හරහා තමාට ස්වයංව  You Tube, විවිධ Web අඩවි ( Udemy වැනි) , Face book ආදිය භාවිතයෙන් පහසුවෙන් නව විශය ක්ෂේත්‍රයක් පිලිබඳ ඉගෙනීමට හැකියි.

සෞඛය(Health)

රෝහල්, රසායනාගාර , විද්‍යාගාර , බෙහෙත්ශාලවල විවිධ කටයුතු සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම මෙම ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් සිදුකිරීමට සමත් විය. වෛද්‍යවරු, හෙදියන් පුහුණු කිරීමේ පටන් රොගීන්ගේ වාර්ථා පවත්වාගෙන යාම, පරීක්ෂා ක්‍රම,රෝග විනිශ්චය ආදී අනේකවිධ කාර්යයන් සදහා විවිධ නවින තාක්ෂණික ක්‍රියාවලි හා උපකරණ භාවිත කරයි.  
  • පරිගණකගත ආරක්ෂක ශරීර ස්තර එක්ස්‍රේ යන්ත්‍රය. (CTA) - අභ්‍යන්තර ශරීර උපාංග ත්‍රිමානකරනයෙන් රූපගත කිරීමේ හැකියාව
  • චුම්බක අනුනාද රේඛන යන්ත්‍රය(MRI) - රේඩියෝ තරංග හා ප්‍රබල චුම්බක අනුනාද මගින් ශරීර අභ්‍යන්තර රූප ලබා ගැනීම
  • විද්‍යුත් නිකර්පන රේඛන යන්ත්‍රය (EEG). - මොළයේ ක්‍රියාකාරිත්වය පරිගණක තිරයකට යොමු කරයි.
  • හaද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය. ( CSM) - හදයේ ක්‍රියාකාරිත්වය හදුනාගැනීම සදහා. හද ස්පන්දන වේගය කුඩා තිරයක් වෙතට යොමු කරයි.
දුරස්ථව සිටින මගින් රෝගියා පරීක්ෂා කිරීම හා එමගින් අවශ්‍ය බෙහෙත්වර්ග නියම කිරීම. ශල්‍යකර්මය ආදිය කිරීමේදී ප්‍රධාන වෙද්‍යවරයා දුරස්ථව සිට උපදෙස් ලබාදීම.
රෝගීයා විසින්ම සිය ශරීර තත්ත්වයන් පරීක්ෂා කර ගැනීම - Blood sugar testing machine 

කෘෂිකර්මය (Agriculture)

කෘෂිකාර්මික සත්ව පාලන,ධීවර කටයුතු වලදී භාවිත වේ.
  • හරිතාගාර තුළ තෙතමනය , ආර්ද්‍රතාව , උෂ්ණත්වය ආදිය මැනීමට හා පාලනය කිරීමට සංවේදක හා පරිගණකගත උපකරණ යොදා ගැනීම
  • ශාඛ වර්ධන මට්ටම් අධීක්ෂණය හා ඒවා පිලිබඳ වාර්තා පවත්වාගෙන යාම පැළෑටි සැලසුම හා ස්වයංක්‍රීයව පැළ සිටුවීම, වල් පැළ ඉවත් කිරීම, විශාල ගොවිබිම්වල රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම, ජල සැපයුම් යන්ත්‍ර, කුමි පාලන උපකරණ ආදිය.
  • සතුන්ගේ තත්ත්වයන් මැනීම,ගුවන් විදුලි සංඥා( RFID) සතුන් හදුනා ගැනීම, කිරි වල ගුණාත්මක භාවය නිරීක්ෂණය හා ස්වයංක්‍රීයව කිරි දෙවීම ආදී කටයුතු සදහාද පරිගණක පාලක ක්‍රම යොදාගනී.

ව්‍යාපාර හා මූල්‍ය කටයුතු 

පරිගණකයේ ඉහල වේගවත් බව, නිරවද්‍යතාව, විශ්වාසනීයත්වය මත සියලු ව්‍යාපාරවල පරිගණකය භාවිත වේ.
  • ගිනුම් සැකසුම හා ඒවා ස්වයංක්‍රීයකරනය, කලමණාකරුවන්ට අවශ්‍ය වාර්තා, පුරෝකතන,විශ්ලේෂණ ආදිය සැකසීම කලමණාකරනය ලබාදීම. (DSS, ESS, MIS)
  • බැංකු කටයුතු සම්පූර්ණයෙන්ම වර්තමානයේ තාක්ෂණය මතරදා පවතී.home banking , self banking , tele banking වැනි ක්‍රම හරහා ගිනුම් අතර පැවරුම් කටයුතු , ශේශ පරීක්ෂා කිරීම්, ATM යන්ත්‍ර මගින් ගනුදෙනු , බිල්පත් ගෙවීම් ආදිය පැය 24 පුරාම ඕනෑම තැනක සිට සිදු කිරීමේ හැකියාව.
  • අලවිකරනය, ප්‍රචාරක කටයුතු ආදියේදී චිත්‍රක, චලන චිත්‍රක මගින් පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම හා වෙබ් අඩවි, සමාජ මාධ්‍ය හරහා භාණ්ඩ හා සේව අලවිය. ( E- business , E- marketing )
මීට අමතරව ඉංජිනේරු , සංචාරක, ආරක්ෂක, මාධ්‍ය හා ජනමාධ්‍ය, ප්‍රවාහන, විනෝදාස්වාදය වැනි සියලුම අංශවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් භාවිත වේ.ඒ පිලිබඳ විස්තරාත්මක ඉදිරිපත් කරන විටදී ඉහත පැහැදිලි කල පරිදි කරුනු වශයෙන් උදාහරණ සදහන් කරමින් පැහැදිලිව ලිවිය යුතුය.
0 Comments



Leave a Reply.

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking