egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • EDU TUBE
  • BLOG
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • EDU TUBE
  • BLOG

Bacis components of computer system | පරිගණක පද්ධතියක මූලික සංචරක

12/27/2020

0 Comments

 
Picture
පරිගණක පද්ධතියක මූලික සංචරක කොටස් 4 කි
  1. දෘඩාංග.(Hardware)
  2. මෘදුකාංග(Software)
  3. ජීවාංග(Liveware)
  4. ස්ථීරාංග(Firmware)

ස්ථීරාංග (Firmware)

පරිගණකයේ ක්‍රියාකාරිත්වය ඇරඹීමට අවශ්‍ය වන ක්‍රමලේඛ විශේෂයක් වන මේවා ROM චිපය තුල ගබඩා කර ඇත.
POST, bootstrap loader, BIOS

දෘඩාංග (Hardware)

පරිගණකයට සම්බන්ධ සියලු භෞතික දෑ යි. මේවා පියවි ඇසට පෙනේ.ස්පර්ශ කළ හැකී.පරිගනක පද්ධතියක් නිවරදිව ගොඩනැගීමට අත්‍යවශ්‍ය හා විවිධ සුවිශේෂී අව්‍යශතාවන්ට අනුකූළව භාවිතා කරන විශේෂිත දෘඩාංග ද පවතී.
දෘඩාංග වර්ග 05කි.

  1. ආදාන උපක්‍රම   (Input devices)
  2. ප්‍රතිදාන උපක්‍රම  (Outputs devices)
  3. ජාලකරන උපක්‍රම  (Networking devices)
  4. මතක උපක්‍රම  (Store devices)
  5. පාලන හා සැකසුම් උපක්‍රම

ආදාන උපක්‍රම (Inputs)

ආදාන උපාංග යනු පරිගණකයට දත්ත හා උපදෙස් ඇතුළත් කිරීමට යොදා ගන්නා උපාංගය..
ආදාන  උපාංග වලින් සමහරක් තෝරා ගැනීමක් හරහාද (select ) තවත් සමහරක් scan කිරීමක් ලෙසද තවත් ශබ්ද( Microphone ) හා වීඩියෝ සං ලෙසද ආදාන ලබාදේ.

යතුරු පුවරුව(key board)

පරිගණකයට දත්ත ඇතැළත් කිරීමට අතීකයේ සිට භාවිතයට ගත් ප්‍රධාන උපක්‍රමකි.මෙහි තිබෙන යතුරු ප්‍රෙස් කිරීම මගින් ඊට ආවේණික විදුලි සංඝාවක් සකසනය යැවේ. සකසනය එම සංඝාව acsii කේතකය බවට පරිවර්තනය කර පරිගණක පද්ධතියට අදාළ ආදානය ලබාදේ

ස්ථානීය ආදාන උපාංග

මූසිකය, මාර්ග ගුලාව( Track ball) .
ජෝයි ස්ටික්( විවිධ දිශාවන්ට චලනය කල හැකි ලීවරයක් වැනි උපාංගයකි. පරිගණක ක්‍රීඩා වලදී භාවිත වේ )
ස්පර්ශ තිරය - (ATM යන්ත්‍ර වල හා Smart phone වල)

ස්පර්ශ තලය ( පාදකය) - laptop පරිගණක වල පවතී.

Web cam (වෙබ් කැම්) - චලන රූප සංඛ්‍යාංක ලෙස ආදානය කොට විකාශනය කිරීම සදහා භාවිතා වේ. අන්තර්ජාල දුරකථන සම්බන්ධතාවයකදී පුද්ගලයන් සජීවී ව දිස් වීම, වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීමට ආදී සන්නිවේදන තාක්ෂණයේ නව පිටුවක් පෙරලීමට සමත් වූ උපාංගයකි.
ප්‍රකාශ උපාංග

සුපරීක්ෂක.  (Scanner)
පිටපතක ඇති ලිඛිත සටහන්, අකුරු  හා රූප පරිගණක පද්ධතියට ආදානය කිරීමට මෙවා භාවිත වේ. ඉන්පසු මේවා විශේෂ මෘදුකාංගයක් භාවිතයෙන් නැවත සකසා ගත හැකී.
මේවා මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු සාධක
  1. ප්‍රමාණය
  2. ගුණාත්මක බව
  3. වර්ණ පරාසය
ප්‍රකාශ අක්ශර කියවනය
පිටපතක ඇති ඉංග්‍රීසි වැනි අක්ශර කිරණ මගින් කියවා ඒවා අක්ශරමය ස්වාභාවයෙන් ම පරිගණකයක් තුළට ආදානය කරයි. මේ මගින් පහසුවෙන්ම අවශ්‍ය වෙනස්කිරිම් කර ගැනීමට හැකිවේ.
ප්‍රකාශ සළකුණු කියවනය.
මේ මගින් විශේෂ ක්‍රමයකට කරන ලද සළකුණු පරිගණකය තුළට ආදනය කර ගැනීම සදහා භාවිත කරයි.  බහුවරණ උත්තර පත්‍ර පරීක්ෂවේදී බහුලව භාවිත වේ.
චුම්බක තීන්ත අනුලක්ශන කියවනය
චුම්බක ගතිලක්ෂණ සහිත තීන්ත වලින්න් මුද්‍රණය කරල ලද අකුරු හා ඉලක්කම් කියවීමට භාවිත වේ. චෙක්පත් නිශ්කාශය සදහා විශේෂයෙන් ම මෙය යොදා ගනී.  
තීරු කේත කියවනය ( Bar code reader)
OR code reader
Smart card reader 

සෘජු නිවේෂන ආදාන උපාංගවල පවතින වාසි

  • දත්ත ස්වයංක්‍රීයව ලබා ගන්නා නිසා  නිරවද්‍යතාව
  • පිරිවැය අඩු වීම(මිනිස් ශ්‍රමය වැය නොවීම)
  • කාලය ඉතිරි වීම

ප්‍රතිදාන උපක්‍රම  (Outputs devices)

පරිගණක තිර/සංදර්ශක( Monitor )

Picture
පරිගණකයකින් ප්‍රතිදානය කෙරෙන දෘශ්‍ය සංඝා රූපමය චලනයමය ආකාරයෙන් නිරූපණය කරමින් මදු පිටපත් ලබා දෙයි. (Soft copies)
Picture

කැතෝඩ කිරණ සංදර්ශකය (cathod ray tube monitors)

මෙය වර්තමානයේ භාවිත නොවන තරම් ය. CRT මොනිටරය රික්තයකි.  පොස්පරස් ආලේපිත කොටු ( Grid) තුළට ඉලෙක්ට්‍රොන කදම්බයක් වැදීම නිසා ආලෝකමත් වන තිරය මගින් අපට රූප පෙනේ.
Picture

ද්‍රව ස්ඵටික සංදර්ශකය ( Liquid crystal display)

නම්‍ය සුලු ධ්‍රැවන දෙකක් අතරට ස්ඵටික පුලිගු ද්‍රාවණය යොදා නිපදවා ඇත. එනම් මෙහි සෑම pixel එක්ක් සදහාම Transistor බැගින් යොදා ඇත.
Picture

ආලෝක විමෝචක ඩයෝඩ (Light emitting Diode)

මෙය LCD හා සමාන වුවද යොදාඇති තාක්ෂණයේ වෙනසක් පවතී. මෙය ඉතා පිරිසිදු ආලෝකය නිකුත් කරන LED බල්බ යොදා නිපදවා ඇත.
මෙම monitors පරිගණකය හා සම්බන්ධය කරනුයේ මව් පුවරුවේ පවතින VGA Card එක මගිනි.
මේවා මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු සාධක 
  • තිරයේ එක් ඒකකයක් මගින් නිරූපණය කරන පික්සල ගනන
  • පිළිඹිබු කල හැකි වර්ණ ගනන
  • පිටතට නිකුත් කරන අහිතකර විකිරණ ප්‍රමාණය 
Picture

මුද්‍රණ යන්ත්‍ර 

පරිගණක තුළ සකස් වන දෘඩ පිටපත් මෘදු පිටපත් බවට පත් කිරීම සදහා මේවා භාවිතයට ගනී. නිර්මාණ තාක්ෂණය අනුව වර්ග දෙකකි.
  1. ඝටන මුද්‍රණ යන්ත්‍ර (impact )  - මුද්‍රණයේදී කොලය සමග මුද්‍රණ හිස තදින් ස්පර්ශ වීම නිසා මුද්‍රණයේදී හඩක් නිකුත් වේ.
Picture
  • තිත් න්‍යාස මුද්‍රකය ( Dot matrix printer )
  • Daisy wheel printer
  • Line printer
  • cylinder printer

     2.  නොඝටන මුද්‍රණ යන්ත්‍ර (non impact)
මේවයේ කඩදාසිය සමග තදින් ස්පර්ශ වන මුද්‍රණ හිසක් නොපැවතීම හේතුවෙන් මුද්‍රණයදී හඩක් නොනැගේ. මෙහිදී තීන්ත විදීමක් හෝ ලේසර් කිරණ භාවිත කරයි.
  • තීන්ත පිහිරි මුද්‍රකය ( Ink jet printers)
  • බුබුළු පිහිරි මුද්‍රකය ( bubble printer)
  • ලේසර් මුද්‍රකය (layser printer)
  • තාප මුද්‍රකය (Thermal printer)

මුද්‍රණ යන්ත්‍ර භාවිතයෙදී සැලකිලිමත් විය යුතු දෑ

  • පිටපතක් සදහා ගතවන කාලය
  • පිටපතෙහි ගුණාත්මක භාවය.
  • පිටපතක් සදහා වැයවන පිරිවැය
  • භාවිතයේදී නගන ශබ්දය.
වෙනත් මුද්‍රණ යන්ත්‍ර 

ලකුනුකරනය ( Plotter)

වානිජමය වශයෙන් විශාල සැලසුම් හා සිතියම් ආදිය මුද්‍රණය කිරීමට ඉදිකිරීම් ක්ශේත්‍රය තුළ බහුල ව භාවිත වේ.

Digital Printer 

විශාල ප්‍රමාණයේ බැනර් ආදිය මුද්‍රණය කිරීම සදහා.

ශ්‍රවණ උපකරණ 

Speakers, Head set

ප්‍රක්ශේපන යන්ත්‍රය

පරිගණකය ප්‍රතිදානය කරන දෘශ්‍ය සංදා විශාල රූපයක් ලෙස ප්‍රක්ශේපනය කරයි. මේවා HDMI පෝට් එක හරහා සම්බන්ධය වේ. ඉහල ගුණාත්මයකින් යුතු රූප ලබා දේ.  

Software (මෘදුකාංග)

යම් අරමුණක් කරා පරිගණකය මෙහෙයවීමට ලබාදී ඇති උපදෙස් මාලවන් ය. මෙමගින් පරිගණක ක්‍රියාකාරිත්වය පාලනය කරන අතර පරිශීලක අවශ්‍යතා ද ඉටු කර දේ. ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.
  1. පද්ධති මෘදුකාංග ( system software)
  2. යෙදුම් මෘදුකාංග ( Application software)
Picture

01.පද්ධති මෘදුකාංග

පරිගණකයේ ක්‍රියාකාරිත්වය මෙහෙයවීම හා කලමණාකරනය සදහා  මූලික වන එකතුවයි. පරිගණකයක් සාර්ථකව ක්‍රියාත්මක තත්ත්වයට පත්කිරීමට හා එහි ක්‍රියාකාරිත්වය අඛණ්ඩව විධිමත්ව පවත්වාගෙන යාමට මූලික වේ. ක්‍රියාකාරිත්වය අනුව මේවාද වර්ග 03කි  
මෙහෙයුම් පද්ධති( Operating systems)
පරිගණකයේ සියලු පාලනය කරමින් පරිගණකය තුළ සිදුවන ක්‍රියාකාරකම් පාලනය කරමින්, අතුරු මුහුනත් ලබාදෙමින් පරිගණකය හා පරිශීලක අතර සම්බන්ධව ඇති කරයි.  Windows,linux

භාෂා පරිවර්තක ( Translators )
පරිගණක ක්‍රමලේඛ ලිවීම සදහා භාවිත කරන ඉහල මට්ටමේ භාෂා පරිගණකයක් තුළ ක්‍රියාත්මක කිරීම සදහා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනු ලබන පද්ධති මෘදුකාංග වර්ගයකි.

උපයෝගීතා වැඩසටහන්(utility software)
පරිගණකයේ ක්‍රියාකාරිත්වය විධිමත්ව හා ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සදහා විශේෂිත ක්‍රියාකාරකම් ඉටු කරන මෘදුකාංග වර්ගයකි.
virus guards
Screen server
Disk clean up
Backup restore
Data recovery
Disk formatting and defragmenter 

02. යෙදුම් මෘදුකාංග (Application software)

පරිගණක ක්‍රියාකරුවන්ට තම අවශ්‍යතාව මත විවිධ වූ ක්‍රියාකාරකම් කර ගැනීම සදහා පරිගණකය තුළ ක්‍රියාත්මක කල යුතු මුදුකාංග යි. මේවා ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන්ම පද්ධති මෘදුකාංග පරිගණකයේ ස්ථාපිතව තිබිය යුතුයි. එනම් විශේෂිත පරිසරයක් තුළ පරිශීලක අවශ්‍යතා සපුරාලයි.   පරිශීලක අවශ්‍යතා දිනෙන් දින වර්ධනය වීමට සාපේක්ෂව මේවාද වේගයෙන් නවීකරණය වේ.
වර්ග 2කි.

01.පරිගණක භාෂා - ක්‍රමලේඛ නිර්මාණයට භාවිත වේ.
Low level languages - machine , assembly
High level language - python , c , fortran , java 
02.පරිගණක පැකේජ  
පරිශීලකයන්ට  අවශ්‍ය වූ විවිධාකාර ක්‍රියාකාරකම් ඉටු කරයි. එනම් වැඩසටහන් කට්ටියක් එකම කාර්යක් නිම කර ගැනීමට එක්ව වැඩ කරයි.

වදන් සැකසුම් පැකේජ ( word processing )

Microsoft office word  ( license )
Libreoffice writer( Open source )
Google Docs , office 365 word, Microsoft one drive word( cloud computing )

විද්යුත් පැතුරුම්පත් ( spread sheet)

Microsoft office excel
Lotus 123
Liber/open office calc
Numbers ( Apple)

විද්‍යුත් ප්‍රදර්ශක ( presentation package )

Microsoft Office power point
Liber/open office impress
Apple keynote

දත්ත සමුදාය කලමණාකාර ( Database management  )

open online base
Microsoft office access
Mysql
Oracle

රූප නිර්මාණ පැකේජ ( Graphic designing )

Raster - Adobe photoshop, corel photo paint
Vector - Adobe live motion , coreldraw

සජීවීකරන ( Animation software )

2D- Adobe tash
3D – studio

Web browsers 

Internet explora, Google chrome, Mozilla Firefox

හිමිකම් ආශිත මෘදුකාංග( License )

යම් පාර්ශ්වයකට නීත්‍යානුකූලව අයිති මූලාශ්‍ර කේතය ලබාගත නොහැකි මේවා භාවිත කිරීමට වෙනස් කිරීමට පිටපත් කිරීමට හා බෙදාහැරීම අවස්ථාව ඇත්තේ අයිතිකරු හා ඇතිකරගත් එකගත්වයක් මත පමණි. ආයතන - Microsoft , Adobe 

විව්ත මූලාශ්‍ර මෘදුකාංග ( Open source )

නීත්‍යානුකූලව අයිතියකට හිමිකම් නොකියන මූලාශ්‍ර කේතය ලබාගත හැකි ය.  මේවා භාවිත කිරීමට වෙනස් කිරීමට පිටපත් කිරීමට හා බෙදාහැරීම මුලුමනින්ම හෝ යම් ප්‍රමාණයකට නීතිමය වශයෙන් අවසර දී ඇත.
Apache, The document foundation

0 Comments



Leave a Reply.

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking