egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • EDU TUBE
  • BLOG
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • EDU TUBE
  • BLOG

Data processing life cycle | දත්ත සැකසුම් ජීවන චක්‍රය

12/27/2020

0 Comments

 
Picture
පරිගණකයක් හෝ එවැනි යන්ත්‍රයක් තුළ සිදුවන දත්ත සැකසුම් ක්‍රියාවලිය මේ මගින් පියවර අනුව පැහැදිලි කරයි. මෙය දත්ත ජීවන චක්‍රය නොවේ. මෙම දෙකෙහි වෙනස ඔබ මැනවින් හඳුනා ගත යුතුයි.
  1. දත්ත එක් රැස් කිරීම
  2. දත්ත වලංගුතා පරීක්ෂාව
  3. දත්ත ආදානය
  4. දත්ත සත්‍යාපනය
  5. දත්ත සැකසුම
  6. දත්ත , තොරතුරු ආචයනය ( ගබඩා කිරීම)
  7. තොරතුරු ප්‍රතිදානය.

දත්ත එක් රැස් කිරීම

සැකසීම සදහා අවශ්‍ය දත්ත විවිධ ක්‍රම මගින් සොයා ගැනීම හා ඒවා යන්ත්‍රය තුළට ලැබීම. මෙහි ක්‍රම දෙකකි.
හස්ත ක්‍රම මගින්  - ප්‍රශ්නාවලි ඉදිරිපත් කිරිම , නිරීක්ෂණ ,සම්මුඛ සාකච්ඡා පැවැත්වීම ආදිය මගින් සොයාගත් දත්ත යතුරු ලියනය මගින් පරිගණකයට ඇතුලත් කිරීම
​
අර්ධ ස්වයංක්‍රීයව හා ස්වයංක්‍රීයව
මෙහිදී type කිරීමකින් තොරව ස්වයංක්‍රීයව දත්ත ඇතුළත් වේ. සුපරීක්ෂක( OCR, MICR,OMR)
Fingerprint, Sensors 

වලංගුතාව පරීක්ෂාව/සප්‍රමාණතා

එක් රැස් වූ දත්ත සත්‍ය වශයෙන් ම අදාළ කාර්යයට ගැළ්පේද යන්න පරීක්ෂා කරයි. ක්‍රම කීපයකි.  
  • වර්ග පරීක්ෂාව - සංඛ්‍යාත්මක , අක්ෂරමය, දින, වේලාව, බූලිය ආදී ලෙස එක් රැස් වූ දත්ත නිවරදි වර්ග වලින් පවතීද යන්න පරීක්ෂා කරයි.
  • පරාස පරික්ශාව - එක් රැස් වූ දත්ත නියමිත පරාසය තුළ පවතීද යන්න සලකා බලයි. එනම් ATM යන්ත්‍රකදී නම් ලබාගත යුතු මුදල නිවරදි පරාසය තුළ පවතීද යන්න විමසීම, විභාග ලකුනු නම් 0- 100 අතර පවතීද යන්න විමසීම නිදසුන් ලෙස දැක්විය හැකී.
  • ඇති බව පරීක්ෂාව - අනිවාර්යයෙන්ම ඇතුලත් කලයුතු දත්ත එක් රැස් වී ඇත්දැයි විමසයි. මෙවා තරු * ලකුණකින් යුතුව පෙන්වා තිබීම ඔබ දැක ඇතුවාට සැක නැත.

දත්ත ආදානය

 වලංගුතා පරීක්ෂාවෙන් පසු මෙම දත්ත පද්ධතියට ආදානය කරයි. මෙහි ආකාර දෙකකි.

සෘජු හා දුරස්ථ ආකාරය(Direct and remote)

සaජු ආකාරය යනු දත්ත එක් රැස් වූ පරිගණකයටම දත්ත ආදනය කිරීමයි. එනම් දත්ත බිහිවූ ස්ථානයේදී ම පරිගණකයකට දත්ත ඇතුලත් කරයි. උදා - වෙළෙඳසැලක දිනපතා බිල්පත් යතුරු පුවරුව භාවිතයෙන් පරිගණකයකට ආදානය කිරීම.
දුරස්ථ ආකාරය යනු පරිගණක ජාල භාවිතයෙන් වෙනත් ස්තානයක ඇති ප්‍රධාන පරිගණකයක් තුළට දත්ත ආදානය කිරීමයි. උදා. - වෙළෙඳ සැලක මාසයක් තුළ රැස් වූ බිල්පත් අනතර්ජාලය හරහා ප්‍රධාන ශාඛාවේ server පරිගණකය තුළ ඇති file එකක තැන්පත් කිරීම 

මාර්ගගත හා මාර්ග අපගත(Online and offline)

අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් දත්ත ආදානය කිරීම මාර්ගගත( විභාග ප්‍රතිඵල බැලීම ) ලෙසද අන්තර්ජාල සබදතා රහිතව දත්ත ආදානය කිරීම මාර්ග අපගත ආකාරය ලෙසද හැදින්වේ. (ATM යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය)

දත්ත සත්‍යාපනය

ආදානය කල දත්ත කිසිදුවනෙසක් නොවී එලසෙම පද්දතියට ඇතුළත් වූයේද යන්න විමසා බලයි.මේ සඳහා විවිධ ක්‍රම පවතී
  • එක ම දත්තය අවස්ත කිහිපයකදී ඇතුළත් කිරීමට සලස්වීම
  • ඇතුළු කල දත්ත තැන්පත් කිරීමට ප්‍රතම තිරයනේ නැවත බැලීම
  • ඇතුළු කල දත්ත මුද්‍රනය කිරීම හා බැලීම

දත්ත සැකසුම

දත්ත සැකසීම දත්ත ජීවන චක්‍රයේ වැදගත්ම පියවරකි. මේ මගින් තොරතුරු නිර්මාණය කරයි. ආකාර දෙකකට බෙදා දෙක්විය හැකී.

කාණ්ඩ සැකසුම ( Batch processing ) 

යම් කාල පරාසයක් තුළ ආදනය කරගත් දත්ත විශාල ප්‍රමාණයක් එක් කාන්ඩයක් ලෙස ගෙන දත්ත සැකසීම සිදු කරයි. මෙවැනි පරිගණක වල දත්ත සැකසුම් වේගය හා මතක ධාරිතාව වැනි දෑ ඉහළ මට්ටමේ තිබිය යුතුයි. මෙහි එක් වාසියක් වන්නේ දත්ත නිර්වද්‍යතාව පරීක්ෂාවට යම් කාලයක් තිබීමයි.
 උදා. - වැටුප් සැකසුම් පද්ධති, දුරකථන බිල් වැනි දෑ.

තත්‍ය කාල සැකසුම. ( Real time processing )

දත්ත ආදානය කර සත්‍යාපනය කරගත් විගසම ඒවා සැකසීමට ලක්කොට තොරතුරු නිර්මාණය කරයි. ප්‍රතිදානය ඒ අවස්ථාවේදී ම ලබා දේ. input, output, store සමාන්තරව සිදුවේ.
 උදා. - ගුවන් ටිකට්පත් වෙන් කිරීම, ATM යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වය , මාර්ගගන විභාග පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීම.

දත්ත , තොරතුරු ආචයනය ( ගබඩා කිරීම)

දත්ත සැකසුම් ක්‍රියාවලියෙන් පසු තොරතුරු කෙටිකාලීන හෝ දිගුකාලීන පදනම මත ගබඩා කරයි.
ස්ථානීය ආකාරය (Direct)
තොරතුරු ආචයනය ඒවා සැකසූ පරිගණකයටම හෝ එහි සම්බන්ධ සaජු උපාංග වලට ආචයනය සිදුවේ. Hard disk, CD,DVD
දුරස්ථ ආකාරය  (Remote)
තොරතුරු ආචයනය දුරස්ථ ව ඇති පරිගණකයක් තුළට ආදානය කරයි. මෙහිදී පරිගණක ජාල භාවිත වේ. ඊට අමතරව වලාකුළු පරිගණනය නම් සංකල්පයද භාවිත වේ. (Cloud computing )

තොරතුරු ප්‍රතිදානය

මෙය අවසාන අදියරයි. soft copies හා hard copies ආකාරයෙන් ලබදේ. ඉහත දී විස්තර කර ඇත.
0 Comments



Leave a Reply.

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking