egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

Information and communication technology | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ උදාව

12/5/2020

1 Comment

 
Picture
කාලයත් සමග දත්ත නිර්මාණය සදහා විවිධ ක්‍රම හා උපකරණ බිහිවෙමින් පැවතුනි . උදා ලෙස. දුරකථනය රේඩියෝ ව. නමුත් මේවා සන්නිවේදන කාර්ය පමණක් ඉටුකිරීය. පසුව පරිගණකය නිර්මාණය කිරීමත් සමග මෙම කාර්ය වඩා පහසුවෙන් හා කාර්‍යක්ෂමව සේම නිවරදි හා ගුණාත්මක තොරතුරු නිර්මාණය කර ගැනීමට ද හැකියාව ලැබුණි.  එමෙන්ම තොරතුරු තාක්ෂණය ට සමගාමීව වර්ධනය වෙමින් ආ සන්නිවේදන තාක්ෂණයද මෙයට එකතු විය. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බිහිවීම ලෙස සලකයි.
තොරතුරු නිර්මාණය කිරීම , කලමණාකරනය කිරීම, ගබඩා කිරීම හා සන්නිවේදනය කිරීම යන කාර්යයන් ඉටු කරන සියලු තාක්ෂණයන්ගේ එකතුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හැදින්වේ. මෙය බිහිවිම, පැවතීම, වර්ධනය සදහා ප්‍රධාන ම සාධකය වන්නේ පරිගණක යයි.
Picture
මේත් සමග මුලු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් පවතී. නිමක් නැති සබදතා, අන්තර්ක්‍රියාකරී තාක්ෂණ භාවිතයෙන් තොරතුරු බෙදාහදා ගැනීම, දත්ත වල අසීමිත ප්‍රවේශය, හස්ත මූලික ක්‍රම ජාලගත ක්‍රම මගින්  ඉවත් කිරීමත් නිසා ඉතා වේගයෙන් නිවරදිව පහසුවෙන් පිරිවැය අඩුවෙන් (ගබඩා ඉඩකඩ වැනි) තොරතුරු නිර්මාණය හා සන්නිවේදන හැකියාව උදා කර ඇත.
යම් මාධ්‍යයක ඇතුළත් කර ඇති තොරතුරු විමසීමේ හැකියාව තොරතුරු සමුද්ධරණය ලෙස හැදින්වේ.අතීතයේදී මේ සඳහා වැඩි කාලයක් හා පිරිවැයක් ගත වන කෑ ගැසිම, තල්පත්,ලිපි,සතුන් යොදා ගැනීම ආදිය භාවිත විණි.නමුත් වර්තමානයේ ඊමේල්, කෙටි පණිවිඩ, වෙබ් අඩවි ආදිය මගින් ඉතාමත් කෙටි කාලයක් තුළ අඩු පිරිවැයක් යටතේ ඔනෑම ස්ථානයක පවත්නා දත්ත හා තොරතුරු වෙත ප්‍රවේශ වී ඒ්වා විමසීමේ හැකියාව ලැබී ඇත.

යෙදවුම්

Picture
  1. අන්තර්ජාලය
  2. WWW (ලෝක විසිරි වියමන)
  3. ජංගම පරිගණක
  4. වලාකුළු පරිගණනය

අන්තර්ජාල

​අන්තර්ජාලය යනු ජාලයන්ගේ ජාලයකි. ලොව පුරා පිහිටි පුද්ගලයන්ට අන්තර්ජාලයේ තොරතුරු බදාගතහැකීයි. එක්සත් ආරක්ෂක ජනපද දපොර්තමේන්තුව මගින් භාවිත කරනලද ARPANET නැමැති දත්ත පැකැට්ටුව ජාලයක් තුලින් යැවීම මීට පදනම සැපයීය. 1990දී ටිම් බර්නස් ලී විසින් ආරම්භ කරන ලද ලෝක විසිරි වියමන නිසා අන්තර්ජාලය වඩාත් ජනප්‍රිය විය. අද වන විට අන්තර්ජාලය යනු කෝටි ගණනක් පුද්ගලයින්ප්‍රවේශ  වන පොදු පහසුකමකි.

අන්තර්ජාලය තුළ භාවිත වන පහසුකම

  • ලෝක විසිරි වියමන්
  • ගොනු හුවමාරුව
  • වීඩියෝ සම්මන්ත්‍රන
  • විද්යුත් තැපෑල
  • ටෙල්නෙට් 

ලෝක විසිරි වියමන

මෙය 1991 දී පමන අන්තර්ජාලයත් සමග ආරම්භ විය. HTTP, ලෝක විසිරි වියමන් තුල බහුමාධ්‍ය( රූප, ශබ්ද , වීඩියෝ ආදී සියලු ගොනු) දත්ත හුවමාරු  කරන නියමාවලියයි.
මෙහි වෙබ් අඩවි නැරබීම සඳහා වෙබ් අතිරික්සු අවශ්‍ය වේ. හි සියළු වෙබ් අඩ්වි හදුනා ගැනීම සඳහා ඇති අනන්‍ය වූ  ලිපිනය ඒකාකාරසම්පත් නිශ්චායකය (URL ) ලෙස හැදින්වේ.

ජංගම සන්නිවේදනය හා ජංගම  පරිගණනය

ජංගම  පරිගණනය යනු භෞතික සම්බන්දතාවයකින් තොරව පරිගනක හෝ එවැනි වෙනත් රැහැන් රහිත උපක්‍රම භාවිතයෙන් දත්ත සම්ප්‍රේශනය  කිරීමයි.
ජංගම සන්නිවේදනය යනු වයර වැනි දෑ වල ආදාරයෙන් තොරව දුරස්ථව තොරතුරු සන්නිවේදනය කිරීමයි. මුල් කාලයේදී ඒකපත ක්‍රමයටද පසුව ද්විපත, පූර්න ද්විපත වැනි ක්‍රමවේද අනුව මෙය සිදුවේ.

වලාකුළු පරිගණනය(cloud computing)  

Picture
මේ මගින් අන්තර්ජාලය හරහා දුරස්ථ ස්ථානයක පවතින පරිගනක මගින් සේවා ලබා දේ. එනම් මාර්ගගත ප්‍රවේශය, සැකසුම  හා මාර්ගගත ආචයනය ලබා දීමයි. මෙම සංකල්පය මුල් වරට ඉදිරිපත් කරනු ලැබුවේ  John Mc carthy  විසිනි. නමුත් වඩා ජනප්‍රය වූයේ අන්තර්ජාල පහසුකම දියුණු මට්ටමකට පත්වූ මෑතකදී සිටයි.
 මෙහි ප්‍රධාන සේවා ආකෘති 03 කි.


01.යටිතල පහසුකම් සේවවක් ලෙස (laas)

පරිශීලකයන්ට තම පරිගණකයේ අමතර සේවාවන් ස්ථාපනය නොකර අන්තර්ජාලයේ ඇති වෙබ් සර්වරයක් හරහා එම සේවාවන් ඉටු කර ගැනීමට පහසුකම් සැලසීම. එනම් මෙහෙයුම් පද්ධති හා  විවිධ යෙදුම්  භාවිත කිරීමේ පහසුකම. 

02.සංවර්ධන​/ පසුතල සේවාවක් ලෙස (Paas)

මෘදුකාංග නිර්මාණය, පරීක්ෂාකිරීම , සංවර්ධනය කිරීම ආදිය සදහා පරිසරය ලබා දීමයි.
උදා- පරිගනක භාෂා , වෙබ් සේවදායක , දත්ත සමුදාය

03.මෘදුකාංග සේවාවක්ලෙස (Saas)

තම පරිගණකයේ මෘදුකාංග ස්ථාපනය නොකර අන්තර්ජාලයේ ඇති වෙබ් සර්වරයක පවතින මෘදුකාංග  භාවිත කිරීමට අවස්ථව සලසා දීමයි.

වලාකුළු පරිගණන සංකල්පයේ වාසි

  • පුද්ගලයින්ගේ කටයුතු වඩාත් පහසු කර ගැනීමට හැකිවීම.
  • තම පරිගනයේම අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය නොකල යුතු නිසා අඩු පිරිවැයක් වැයවීම 
  • තාක්ෂනික වශයෙන් වඩා දියුණු හා නිතරම යාවත්කාලීන වන පරිසරයක වැඩ කිරීමට ලැබීම
  • නඩත්තු ගැටලු අවම වීම හා සීම රහිත ආචයන ධාරිතාව   

සීමා

  • අන්තර්ජාල සම්බන්ධතා අඛණ්ඩව අවශ්‍ය වීම හා එසේ නොවන අවස්ථා වලදී ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම  
1 Comment
San Leandro Cabinets link
8/12/2022 07:10:38 am

Thankss great blog post

Reply



Leave a Reply.

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking