egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

IP adressing and subnetting

5/7/2020

3 Comments

 
Picture
ඔන්න මේ පොඩි නෝට් එක දාන්නෙ IP adressing and subnetting ගැන අහපු අයට උත්තරයක් විදිහට. මම දන්න විදිහට තමයි මේ කියලා දෙන්නෙ. මේකේ මොකක් හරි වරදක් අඩුපාඩුවක් තියෙනවානම් ඒකත් පෙන්නලා දෙන්න.
සරලවම යම් කිසි ජාලයක් ඇතුලේ පවතින්න පුලුවන් උපජාලයකට අපි සබ්නෙට් එකක් කියලා කියනවා.
යම්කිසි ජාලයක් හදුනාගන්න එයාටම අන්න්‍ය උන ලිපිනයක් තියෙනවා. අන්න ඒකකට අපි කියනවා subnet mask(උපජාල ආවරණයක්) එකක් කියලා.සාමාන්‍යෙන් ජාලයක් ගත්තම ඒ ජාලයෙ තියෙන හැම ඩිවයිස් එකකම සබ්නෙට් මාස්ක් එක සමානයි.
පලෙහා පෙන්නලා තියෙන්නේ ඒ ඒ ක්ලාසස් වලට අදාල default subnet masks ටික.
Class A - 255.0.0.0
Class B - 255.255.0.0
Class C - 255.255.255.0
සාමාන්‍යෙන් බොහෝ දුරට දැන් සබ්නෙට් මාස්ක් එක වෙනුවට යූස් කරන්නෙ CIDR එක. CIDR කියන්නෙ CLASSLESS INTERDOMAIN ROUTING කියන එක. මේ CIDR එක IP ADRESS එකත් එක්ක දුන්නම අපිට ඒක යූස් කරලා පුලුවන් සබ්නෙට්මාස්ක් එක මොකද්ද කියලා අදුරගන්න.
IP ADRESS එකක් කියලා කියන්නේ ජාලයක තියෙන පරිශීලකයන්ට සහා උපාංග වලට අනන්‍ය උන ලිපිනයක්. ජාලවලට සබ්නෙට්මාස්ක් එක වගේ ජාලයක් ඇතුලෙ තියෙන උපාංග වලට දෙනවා IP එකක්. IP කියන එකේ තේරුම INTERNET PROTOCOL කියන එක.
පල්ලෙහා පෙන්නලා තියෙන්නෙ IP එකත් එක්ක CIDR එකක් ලියලා තියෙන විදිහ.

192.168.0.202 / 25
ඔය IP එකට එහා පැත්තේ ඇල ඉරක් ගහලා ලියලා තියෙන්නෙ CIDR එක. මේ CIDR එකෙන් පෙන්නන්නෙ ඇත්තටම IP එක ඇතුලේ 1 උන බිට් කීයක් තියෙනවද කියන එක. (මම හිතනවා IP අඩ්‍රෙස් එකක් කියන්නෙ මොකද්ද, මොනවද මේ බිට්ස් කියන්නෙ, එක ඔක්ටට් එකක බිට් කියක් තියෙනවද, මුලු අයිපී ඇඩ්‍රෙස් එකේම බිට් කීයක් තියෙනවද කියන කාරනා ටික දන්නවා ඇති කියලා. ඒ ගැන දන්නෙ නැත්තම් මැසේජ් එකක් දාන්න.කියලා දෙන්නම්. මම ඉතුරු ටික කියලා දෙන්නෙ මේගැන දන්නවා ඇති කියලා හිතාගෙන.)
පල්ලෙහා උදාහරන ටික බලන්න.
10.20.30.40/ 8

මේකෙන් කියලා තියෙන්නෙ SUBNET MASK(SM) එකේ තියෙන බිට් 32න් බිට් 8 ක් 1(TRUE) වෙලා කියන එක. ඒක පල්ලෙහා විදිහට අපිට පෙන්නන්න පුලුවන්.
11111111.00000000.00000000.00000000 ---> 255.0.0.0
140.32.45.0 /16
11111111.11111111.00000000.00000000 ---> 255.255.0.0

192.168.0.202/24
11111111.11111111.11111111.00000000 ---> 255.255.255.0
මම මේ හොරා වගේ දීලා තියෙන්නෙ අර කලින් කිව්ව ක්ලාස් වලට අදාල default SM වල CIDR ටික.  :-P
හරි. මම හිතනවා දැන් උබලට CIDR එකෙන් සබ්නෙට් මාස්ක් එක හොයාගන්න පුලුවන් කියලා.
CIDR එකෙන් අපට සබ්නෙට් මාස්ක් එක හොයාගන්නවා වගේම සෑහෙන්ඩ තව ප්‍රයෝජන තියෙනවා.

දැං හිතන්නකෝ අපිට මේං මෙහෙම දීලා තියෙනවා කියලා.
187.234.56.23/ 21
ඕකෙන් කියන්නෙ ඕකෙ සබ්නෙට් මාස්ක් එක මෙන්න මෙහෙම වෙන්න ඕන කියලනේ.
11111111.11111111.11111000.00000000 (255.255.248.0)
හරි. ඒ කියන්නෙ මෙහෙමනේ බන්. දැං ඕකෙ 1 වෙන බිට් 21ක් තියෙනවා. අපි ඕකෙන් තෝරගන්න ඕන බන් 255 නොවන ඔක්ටට් එක. ඒකියන්නෙ බිට් 8ම 1ඒවා නැතො ඔක්ටට් එක. ඒක තෝරගෙන අපි බලනවා ඒකේ 1 ඒවා කීයක් තියෙනවද කියල. 255 නොවන ඔක්ටට් එක ඇතුලෙ තියෙන ඒ 1 ඒවට අපි කියනවා සබ්නෙටිං බිට්ස් කියලත්. එහෙම කියන්නෙ, අපිට පුලුවන් ඒ බිට්ස් ටික පාවිච්චි කරලා 255.255.248.0 කියන නෙට්වර්ක් එක ඇතුලේ සබ්නෙට්වර්ක් කීයක් හදන්න පුලුවන්ද කියලා බලාගන්න. සබ්නෙට්වර්ක් කියලා කියන්නෙ උපජාලයක්.
කරන්න තියෙන්නෙ මේකයි. සබ්නෙටිං බිට්ස් කීයක් තියෙනවද කියලා බලලා ඒ ගාන දෙකේ බලයක් විදිහට දාන්න. එතකොට අපිට එනවා උත්තරයක්. ඒ තමයි අපිට ගන්න පුලුවන් සබ්නෙට්ස් ගාන.ඒ කියන්නෙ මෙහෙමයි. උදාහරණයක් විදිහට මුලු නෙට්වර්ක් එකම කියන්නෙ බස් එක නම්, සබ්නෙට්වර්ක් එකක් කියලා කියන්නේ නිකං බස් එකක සීට් එකක් වගේ. අපි ඔය සබ්නෙට් බිට්ස් ටික පාවිච්චි කරලා හොයන්නේ ඒ බස් එක ඇතුලේ සීට් කීයක් තියෙනවද කියලා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතිං හත් ඉලව්වෙ මේ විදිහට ලියලා මට පැහැදිලි කරන්න පුලුවන් මෙච්චරයි. ප්‍රශ්නයක් තියෙනවානම් මැසේජ් එකක් දාන්ඩලා. මේ ගානෙ හැටියට නම් 255 නොවෙන ඔක්ටට් එක තුන්වෙනි ඔක්ටට් එක. ඒකේ 1 වෙලා තියෙන බිට්ස්(සබ්නෙටිං බිට්ස්) තියෙනවා පහක්. එහෙනම් 2^5= 32. පපර පප්ප පාං. අපට පුලුවන් 255.255.248.0 කියන නෙට්වර්ක් එක ඇතුලෙ සබ්නෙට්වර්ක් තව 32ක් හදන්න. ඒ කියන්නෙ ඔන්න ඔය කියන බස් එක ඇතුලේ සීට් තියෙනවා 32ක්.
දැං ආයෙ ප්‍රස්නයක් එන්න පුලුවන්. බස් එක ඇතුලේ සීට් 32ක් තිබුනට ඔය එක සීට් එකක කොච්චර මගීන් ප්‍රමානයක් දාන්න පුලුවන්ද.ආන්න. බොහොම හොදයි සිරිවර්ධන. ප්‍රශ්න අසමින් තමා ඉගෙනගන්න ඕන. ඒකටත් අපිට උත්තරේ CIDR එකෙන්ම ගන්න පුලුවන්. ඇති දෙයක් නෑ බන්. 32න් CIDR එක අඩු කරලා ඒක දෙකේ බලයක් විදිහට ලියහන්. මේකෙ හැටියට නම් 32-21=11. එහෙනම් ඉන්න පුලුවන් උපරිම හෝස්ට්ලා ගාන 2^11=  2048. ආන්න බලහං. 255.255.248.0 කියන බස් එක ඇතුලෙ සීට් 32ක් තියෙනවා. ඒ සීට් 32 හැම එකකම මගීන් 2048 ගානෙ දාන්න පුලුවන්. දැං ඉතිං උබලා මගෙන් අහන්නෙපා මගීන් 2048 දාන්න පුලුවන් බස් කම්පැනියෙ අයිතිකාරයා චතුර සේනාරත්නද කියලා. උබලට තේරුම්ගන්න පහසු වෙන්නයි එහෙම උදාහරනෙකින් පැහැදිලි කලේ.
දැං මේම දේකුත් තියෙනවා. හෝස්ට්ලා 2048ක් හිටියට හිතන්නෙපා උබලට 2048ම පාවිච්චි කරන්න පුලුවන් කියලා. පාවිච්චි කරන්න පුලුවන් වෙනවා කියන එකෙන් මම අදහස් කලේ බන් එක්කෝ මොකක් හරි ඩිවයිස් එකකට(server,router) එහෙම නැත්තම් PC එකකට assign කරන එක. අපිට ඇත්තටම ඔය 2048ම පාවිච්චි කරන්න බෑ. සාමාන්‍යෙන් ඔනම නෙට්වර්ක් එකක/සබ්නෙට්වර්ක් එකක දෙන්න පුලුවන් පලවෙනිම IP adress එකයි, අන්තිමම IP adress එකයි අපි කිසිම ඩිවයිස් එකකට අසයින් කරන්නෙ නෑ. ඒකට හේතුව ඒ පලවෙනිම එකට අපි නමක් දෙනවා network ID කියලා. ඒකෙන් තමයි අපි හරියටම නෙට්වර්ක් එක/සබ්නෙට්වර්ක් එක මොකද්ද කියලා අදුරගන්නෙ. අන්තිමම IP එකට කියනවා broadcast ID එක කියලා. ඒක යූස් කරලා අපිට පුලුවන් මුලු නෙට්වර්ක් එකටම එක පාර පනිවිඩයක් යවන්න. එහෙනම් මුලු අයිපී ඇඩ්‍රෙස් 2048ක් තිබ්බට භාවිත කරන්න පුලුවන් මුලු IP adress ගාන අපි හොයාගන්න ඕන. ඒක කරන්න ඉතිං උබ ඕන නෙවෙ, පාර්ලිමේන්තුවෙ ඉන්න එකෙක්ට දුන්නත් කරයි. ඇයො යකෝ ඉතිං කරන්න තියෙන්නෙ මුලු හෝස්ට් ගානෙන් දෙකක් අඩු කරන එක විතරනෙ. පාර්ලිමේන්තුවෙ ඉන්න මෝඩයොන්ට ඒක කරන්න පුලුවන් කියලා කියන්නෙ අපේ ගෙඩර ඉන්න බල්ලාටත් පුලුවන් ඒක කරන්න. එහෙනම් 255.255.248.0 කියන නෙට් වර්ක් එකේ එක සබ්නෙට්වර්ක් තියෙනවා 32ක්. ඒ එකක හොස්ට්ලා ඉන්න පුලුවන් 2048ක්. හැබැයි ඇත්තටම හොස්ට්ලා අපට දාන්න පුලුවන් 2046යි. තේරුනානෙ?
ඉතිං කෙටියෙන් ඔච්චරයි. තව ඒ උනාට තියෙනවා. අයිපී පරාස විස්තීරනය ගැන එහෙම(range extending) ඒවා නැතුව 2017,19 ප්‍රශ්නෙට උත්තර ලියන්න බැ. ඒ ගැනත් පොඩ්ඩක් බලන්න. ඊට අමතරව නෙට්වර්ක් එකක අයිපී එකක් දීලා තිබ්බම ඒකෙ networkID එක broadcastID හොයන ක්‍රමත් කීපයක් තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලපල්ලා. වැදගත්වෙයි. ප්‍රශ්නයක් තිබ්බොත් අහපල්ලා. ජයවේවා ඈ.
(Pavarindu Sahansith)
Picture
Picture Picture
3 Comments
vihanga
5/9/2020 05:11:10 pm

great one broh :)
keep it up.

Reply
Chamod
9/10/2020 12:24:18 am

Appreciate your work bro

Reply
asoka
5/9/2022 08:24:36 am

I like your lesson

Reply



Leave a Reply.

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking