egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

The impact of  ICT on society | සමාජය කෙරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම

12/27/2020

0 Comments

 
Picture
සමාජය කෙරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම


හිතකර බලපෑම

  • පරිගණක තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික, ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමග බොහෝ සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ලැබී ඇත.
  • විනෝදාස්වාදය සදහා online library, පරිගණක ක්‍රීඩා, you tube
  • දුරකථනය, පරිගණකය හරහා සන්නිවේදනය දියුණු වීම හා ඒවට වැයවන පිරිවැය අවම කර ගැනීමට හැකිවීම.
  • ආරක්ෂක උපකරණ , කැමරා පද්ධති, අපරාධ නිරීක්ෂණ ක්‍රම ආදිය මගින් වංචා අවම කර ගැනීම
  • නවීන පහසු , සුහුරු( Smart) උපකරණ මගින් ජනයගේ ජීවන තත්ත්වය උසස් වීම.
  • භූගෝලීය සීමවකින් තොරව පැය 24 පුරා භාණ්ඩ හා සේවා හුවමාරුව හරහා තම ව්‍යාපාරික කටයුතු කර ගැනීමට හැකිවීමෙන් ගනුදෙනු පුලුල් වී දළ දේශීය නිශ්පාදිතය ඉහළ යාම. විදේශ විනිමය ලැබීම ආදිය.( Ebay.com, freelancer , amazon)
  • ICT මගින් ආයතන වල ඵලදායීතාව වර්ධනය කිරීම හා ඒ මගින් අනවශ්‍ය පිරිවැයන් අවම කරගැනීමේ හැකියාව  ( CAD- computer aided designing ,CAM- computer aided management )
  • E - ආණ්ඩු - මේ මගින් මුදල් ඉතිරිකර ගැනීම, කාර්‍යක්ශමතාව වැඩි කිරීම(G2C වැනි සේවා), රාජ්‍ය අංශවල විනිවිඳභාවය වැඩි කිරීම ( cctv cam)
​

අහිතකර බලපෑම( ගැටලු)

සමාජ ගැටලු

සමහර කර්මාන්ත තාක්ෂණය වැඩි වශයෙන් යොදාගැන්ම නිසා විශාල පිරිසකට රැකියා අහිමි වී ඇත. මේ මගින් ලබන විනෝදාස්වාදයහි ඝaනාත්මක බලපෑම. පරිගණක ක්‍රීඩා තුළ කාලය නාස්ති කර දැමීම. සමාජ මාධ්‍ය හරහා නොගැලපෙන සබදතා හානි වීම්.
  • අංකිත බෙදීම( Digital divide ) - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් ප්‍රවේශකර ගැනීම, භාවිත කිරීමේ හැකියාව හා නොහැකියාව අතර ඇති පරතරයයි. එනම් යම් සමාජ පන්තියක් තාක්ෂණය ඉතා හොදින් භාවිත කිරීම හා තවත් පිරිසකට තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව, දැනුන හා පහසුකම් නොමැති වීම. මෙය අවම කර ගැනීමට ICT  අධ්‍යාපනය දියුණු කිරීම,තාක්ෂණික උපකරණ හා කුළුණු පිහිටුවීම උපකාරී වේ.

පාරිසරික ගැටලු

තාක්ෂණ උපකරණ ඉතා වේගයෙන් නවීකරණය වෙමින් ලෝකයට පැමිණේ. එවිට යල් පනින උපකරණ ඉවත් කිරීමේදී ඒවා නොදිරන නිසා ඉහළ පාරිසරික ගැටලු නිර්මාණය වෙමින් පවතී.ඊයම්, ආසනික්, කැඩ්මියම් වැනි අහිතකර මූලද්‍රව්‍ය පරිසරයට එකතු වීම. ( E-waste)
  • හරිත පරිගණනය - කාර්‍යක්ශම හා පරිසර හිතකාමී පරිගණක සම්පත් අධ්‍යයනය හා භාවිතය.මේ මගින් ඊ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය, පරිසරයට අපරක්ශාකාරව බැහැර කිරීම අවම කිරීම සිදු කරයි.

නෛතික ගැටලු

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා ඇතිවූ නෛතික ගැටලු රාශියකි. පරිගණක තුළ ඇති පෞද්ගලික දත්ත සොරකම් කිරීම, අනිසි ලෙස යොදා ගැනීම, විකෘති කර ප්‍රචාරය කිරීම, හැකින් , සයිබර් ප්‍රහාර ආදිය උදාහරණ කීපයකි.  මේවා අවම කර ගැනීමට පාස්වඩ්, අංකිත අත්සන්, ගුප්තකේතන , ගිනි පවුර, Virus guards ආදිය ස්ථාපනය කල හැකී.
  • චෞරත්වය - හිමිකම් සහිත දුකාංග අනවසරයෙන් භාවිත කිරීම හා බෙදාහැරීම.
  • රචනා චෞරත්වය - යමෙකුගේ අදහස්, ප්‍රකාශ, නිර්මාණ ආදිය ඔවුන්ගේ අවසර නොමැතිව තමගේ ලෙස පළ කිරීම. එනම් ප්‍රකාශන හිමිකම සහිත නිර්මාණ  ( ප්‍රකාශයකට තම නිර්මාණ පිටපත් කිරීමට, අලවි කිරීමට,මුද්‍රණය කිරීමට ඇති අයිතිය) සොරකම් කිරීමයි.
  • තතුබෑම( phishing) - යමෙකූගේ සංවේදී පෞද්ගලික දත්ත හානිකර හේතු සදහා සොරකම් කිරීම. ( password , user name, bank account numbers)
0 Comments



Leave a Reply.

    Archives

    December 2020
    May 2020

    Categories

    All
    01.The Basic Concepts In ICT
    05.Computer Operating System
    06.Data Communication And Networking