egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

පරිගණකයක් සෑදී ඇති මූලික කොටස් හදුනා ගැනීම - රැම් කාඩ්

1/2/2020

0 Comments

 
Picture
මධ්‍යම සැකසුම් ඒකකයට කෙටි කාලයකට ඕනෑවන දත්ත සහ උපදෙස් තාවකාලිකව  රදවා ගන්නා පරිගණකයේ කෙටිකාලීන මතකය වන්නේ රැම් මතකය යි.මේ අනුව රැම් ප්‍රාථමික මතක උපාංගයකි.
පරිගණකය ක්‍රියා කිරීමට අවශ්‍ය මුලික උපාංගයක් ලෙසද මෙය හැදින්විය හැකිය.
මවුපුවරුවකට ප්‍රෝසෙසරය,විජිඒ කාඩ් එක සහ රැම්  සවි කර එයට පවර් සප්ලයි එක මගින් විදුලිය සපයා අනෙකුත් උපාංග සම්බන්ධ නොකර මන් කල හැකිය.
එවිට මොනිටරය මත මවුපුවරුවේ බයොස් වැඩසටහන දැක ගත හැකිය.හාඩ්  ඩිස්කය අවශ්‍ය වනුයේ මෙහෙයුම් පද්දතියක් ගබඩා කර තැබීමටයි.
                                                                                           රැම් එකෙහි කාර්ය වනුයේ  ප්‍රොසසරය වෙත යැවිය යුතු සහ ප්‍රොසෙසරයෙන් සකසා ගබා දෙන දත්ත හාඩ් ඩිස්ක වැනි ස්තිර මතක උපාංගයක ගබඩා කරන තෙක් මතක තබා ගැනීමයි .එනම් යම් පර්ගණක වැඩසටහනක් භාවිතා කරන විටදී එයට අදාල දත්ත සියල්ල හාඩ් ඩිස්කයෙන් කියවා රැම් එකෙහි මතකයට ගබා ගනී.

එසේම පරිගණකය ඔන් විමේදී මෙහෙයුම් පද්ධතිය සතු තොරතුරුද හාඩ් ඩිස්කයෙන් රැම් එක තුලට ලබා ගනී. එකම පරිගණකයකට වින්ඩෝස් 2000 හෝ එක්ස්පී යෙදු  විට වේගවත්ව හා වින්ඩෝස් 7 හෝ 8 යෙදු විට සෙමින් ක්‍රියා කරන්නේ එවිට රැම් එකෙන් වැඩි ඉඩ ප්‍රමාණයක් අයත් කර ගැනිම නිසායි.එසේම සංකීර්ණ ඩෙස්ටොප් තිම්ස් සහ වැඩි ධාරිතාවේ පික්චර් ෆයිල්ස් ඩෙස්ටොප් එකෙහි පසුබිමට යෙදු විටද ඒවා මගින් රැම් එකෙහි පසුබිමට යෙදු විටද ඒවා මගින් රැම් එකෙහි වැඩි ඉඩක් ලබා ගනී.එනිසා වෙනත් වැඩසටහන්වලට භාවිතා කිරීමට ඇති රැම් ඉඩ ප්‍රමාණය අඩු වී පරිගණකයේ වේගය අඩු වේ.රැම් මතකය නැතිව යන හෙවත් නශ්‍ය ගණයේය.එනම් පරිගණකය ඔන් කල විට දත්ත නැතිවී යයි.

රැම් කාඩ්ස් 
මවුපුවරුවේ විශේෂ සොකට්ටුවකට සම්බන්ධ කළ හැකි කුඩා පර්පථ පුවරුවක් සහිත මොඩියුල වශයෙන් රැම් ලබා ගත හැකිය.සාමාන්‍ය වහරේදි රැම් කාඩ්ස් කියා මේවා හදුන්වයි.මවුපුවරුවට රැම් කාඩ්ස් සවි වන්නේ රැම් ස්ලොට් ලෙස හදුන්වන කුහරවලිනි.මවුපුවරුවක රැම් ස්ලොට් දෙකක් තිබෙන අතර ඒවා A හා B ලෙස මවුපුවරුවෙහි උපදෙස් සදහන් පොතෙහි නම් කොට තිබේ.පරිගණකයකට එක් රැම් කාඩ් එකක් පමණක් භාවිතා කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම A නම් ලෙස සදහන් රැම් ස්ලොට් එකට සවි කළ යුතුය.
විවිධ වර්ගයේ රැම් කාඩ්
Picture
DIMM

Picture
SDR

Picture
DDR 1

Picture
SIMM

රැම් වේගය​
​රැම් කාඩ් එකිනෙකින් වෙනස් වනුයේ ඒවා සතු ක්‍රියාත්මක විමේ වේගයෙනි.එම වේගය රැම් ස්පීඩ් ලෙස හැදින්වේ.හාඩ් ඩිස්කයේ ඇති දත්ත කේබලය මගින් පරිගණක දත්ත,මවුපුවරුව හරහා රැම් එකටත් නැවත රැම් එකෙන් මවුපුවරුවටත් ,මවුපුවරුවේ ඩේටා බේස් හරහා ප්‍රොසෙසරයටත් නැවත ගමන් කරයි.

මෙසේ එක් එක් ස්ථානයට දත්ත පිළිවෙලට චක්‍රයක් ලෙස ගමන් කරන්නේ ,මවුපුවරුව මගින් ලබා දෙනු ලබන විදුලි සංඥාවක හෙවත් ක්ලොක් පල්ස් එකක තාලයට අනුවය.එය66MHz,100MHz,133MHz,200MHz,800MHz,933MHz යනාදී සංඛ්‍යාතයන්ගෙන් නිකුත් කෙරේ.විවිධ කාලවල ආ ප්‍රොසෙසර් සදහා ඊට ගැලපෙන රැම් කාඩ්ස් ද නිෂ්පාදනය කෙරිණ.ඒ ප්‍රොසෙසර් හා ඊට ට ආදාල රැම් කාඩ්  ගැන විස්තර ඉහත අප දක්වා ඇති වගුවෙන් බලා ගත හැකිය.

වැඩි ධාරිතාවකින් යුතු රැම් යෙදීමෙන් පර්ගණක යේ ක්‍රියාකාරි වේගය වැඩි කර ගත හැක.ඉහල රැම් ධාරිතාවක් ඇති DDR3 කාඩ් එකක් භාවිතා කරන විට මෙහෙයුම් පස්ධතිය 64 Bit එකක් විය යුතුය.
මවුපුවරුවකට රැම් කාඩ් එකක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු​
මවුපුවරුවකට රැම් එකක් තොරා ගැනීමේදී පරිඝනකයේ මවුපුවරුවේ ක්ලොක් පල්ස් එකට සමාන ස්පීඩ් එකක් ඇති රැම් කාඩ් එකක් තොරා ගැනීමට වග බලා ගත යුතුය.
එසේම එකම මවුපුවරුවකට රැම් චිප් දෙකක් සවි කිරීමේදී ඒ දෙක එකම වේගයේ නොවු විට එම දෙකම පරිගණකයෙ විසින් හදුනා ‍නොගනී.එනිසා එකම වේගය ඇති රැම් චිප් සවි කිරීමට වගබලා ගත යුතුය.රැම් එකක මෙම වේගය බොහෝ විට එය මත සදහන්ව ඇත.
  • තරංග පරාසය-රැම් සම්බන්ධව ඇති තවත් වැදගත් සාධකයකි.මෙයින් අදහස් කරන්නේ එක් ක්ලොක් පල්ස් එකකදී රැම් එක හරහා යැවිය හැකි දත්ත ප්‍රමාණයයි.තරංග පරාසය මනින්නේ තත්පරයට මෙගා බිට්ස් වලිනි.මෙම අගය වැඩිවන විට පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩිවේ.
රැම් එකක් මිලදී ගැනීමේදි තරංග පරාසය ගැන එතරම් උනන්දු විය යුතු නැත.මන්ද,එක් එක් රැම් වර්ග සදහා බොහෝ විට නියත අගයක් ගන්නා නිසාය.මේ අගය මවුපුවරුවට කොහොමත් ගැළපේ.
පරිගණකයකදී රැම් ධාරිතාව බලා ගැනීම
Picture
  • පරිගණකය ඔන් වීමේදී මුල් තිරයේ වම් පස ඉහල කෙලවරේ ප්‍රොසෙසරයේ වර්ගයද එහි වේගයද පරිගණකයට සවි කර ඇති රැම්වල ධාරිතාව පෙන්වයි.
  • පරිගණකයේ CMOS(Complementary Metal Oxide Semiconductor) වැඩසටහනේද පරිගණකයට සවිකර ඇති රැම්වල ධාරිතාව පෙන්වයි.
  • වින්ඩෝස් ඩෙස්ටොප් එකෙහි ඇති My Computer මත රයිට් ක්ලික් කර Properties තේරීමෙන් ලැබෙන කවුලුව තුළ ප්‍රෝසෙසරයේ වර්ගය හා වේගය සදහන් ස්ථානයේදී ද රැම් ධාරිතාව පෙන්වයි.
යම් පරිගණයක රැම් චිපයෙහි අග්‍ර අතින් ස්පර්ශ කිරීම කිසිසේත් නොකළ යුතුය.එවිට එය අකර්මන්‍ය විය හැක.
පරිගණකය රැම් එක දෝෂ සහගත නම් පරිගණක තිරය මත කිසිවක් දර්ශනය නොවන අතර කේසින් එක තුළ ඇති කුඩා ස්පීකරයෙන් බීප් නාදයක් කඩින් කඩ ලැබේ.සමහර අවස්තාවලදී නවීන පරිගණක ඔන් වීමේ දී ඉබේ රීස්ටාට් වේ.එසේ වන්නේද බොහෝ විට මෙහි දෝෂ සහගත තත්වයන් හේතුවෙනි.එවිට මෙය ගලවා වෙනත් රැම් එකක් සවි කර පරීක්ෂා කිරීම කළ යුතුය.
වැදගත්:-පරිගණක සදහා යොදා ගනු ලබන DDR 1,DDR 2,DDR 3 වර්ගයේ රැම් කාඩ් දෙකම පෙනුමෙන් බොහෝදුරට එකිනෙකට සමානය.එහෙත් ඒවා රැම් ස්ලොට් එකට සවිවන දාරයේ ඇති බීක්කුව පිහිටා ඇති තැන එකිනෙක වෙනස්ය.ඒ නිසා රැම් කාඩ් වර්ගය ගැන ඉතා හොදින් සිහි තබා ගෙන මවුපුවරුව සවි කළ යුතුය.අත්වැරදීමක් සිදුවුවහොත් විදුලි කාන්දු විම් සිදුවී රැම් එක විනාශ වී යයි. 
0 Comments



Leave a Reply.

    Categories

    All
    BIT
    BSE
    CAMPUS
    COMPUTER SCIENTISTS
    DEGREE
    E BOOK
    EXAM
    HARDWARE
    HNDIT
    IT DEGREE
    IT FIELD
    IT JOBS
    PRIVATE UNIVERSITY
    PROGRAMMING
    TIME TABLE


    RSS Feed