egenuma.com
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP
  • HOME
  • COURSES
    • A LEVEL >
      • AL ICT
    • O Level
    • GIT
  • WHATSAPP
  • BLOG
  • CONTACT US
  • SHOP

උසස් පෙල නැතුව කරන්න පුලුවන් ලංකාවේ IT උපාධි පාඨමාලා

1/11/2020

0 Comments

 
Picture
අපි හැමෝම A/L හොඳ Ranks අරගෙන විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන්න හීන මවමින් හිටියට අපි හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නෑනේ. ඒත් ඒකෙන් කියැවෙන්නේ නෑ එහෙම අයට තමන්ගේ ඉලක්කයට යන්න බෑ කියලා. උසස් පෙළ කඩඉමෙන් ඒ ඉලක්කයට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑති අයට තමන්ගේ ඉලක්කයට යන්න අවස්ථාවක් ලබාදෙන,
ලංකාවේ තොරතුරු තාක්ෂණයට සම්බන්ධ බාහිර උපාධි සහ ඩිප්ලෝමා ලබා දෙන ආයතන තුනක පාඨමාලා ගැන තමයි මේ විස්තරය. මෙයින් විස්තර කරන්න යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ BIT (Bachelor of Information Technology), ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) HNDIT (Higher National Dipoloma in IT) සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ BSE (Bachelor of Software Engineering) යන පාඨමාලා තුන ගැන.
Colombo / Moratuwa - BIT

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත UCSC ආයතනය මගින් පිරිනමන BIT කියන්නේ වසර තුනක තොරතුරු තාක්ෂණ උපාධියක්. මේ උපාධියම මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයෙනුත් ලබා දෙනවා. මෙහි විශේෂත්වය වෙන්නේ උසස් පෙළ කර නොමැති සිසුන් හට වුණත් උපාධි හැදැරීමට අවස්ථාව ලබා දෙන එකයි. ඒ සඳහා මොවුන් බඳවා ගැනීමේ දී Foundation Course එකක් ලබා දී ඉන් පසුව උපාධියට බඳවා ගන්නවා. උසස් පෙළ සමත් වී පැමිණෙන සිසුන්ට මෙම Foundation Course එක අත්හරින්න පුළුවන්.
මෙම උපාධියේ දී එක් එක් වසර සම්පූර්ණ වෙනකොට එක් එක් අධ්‍යාපන සුදුසුකම් අවස්ථා පසු කරනවා. ඒ කියන්නේ BIT පළවෙනි අවුරුද්ද ඉවර කළාම Diploma Level එක සම්පූර්ණ වෙනවා. දෙවෙනි අවුරුද්ද ඉවර කළාම Higher Diploma Level එක සම්පූර්ණ වෙනවා. තුන්වෙනි අවුරුද්ද ඉවර කළාම තොරතුරු තාක්ෂණවේදී (Bachelor of Information Technology) උපාධිය සම්පූර්ණ වෙනවා
කාල සීමාව - වසර තුනයි


මාධ්‍යය - ඉංග්‍රීසි

ඇතුළත් වීමට අවම සුදුසුකම් -

උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයන් තුනක් සමත් වීම හෝ උසස් පෙළ නොමැති සිසුන් හට Foundation Course සම්පූර්ණ කර සිටීම හෝ අදාළ නිළධාරීන් අනුමත කරන වෙනස් අධ්‍යාපන සුදුසුකමක්.
ඊට අමතරව සාමාන්‍ය පෙළ ගණිතය හා ඉංග්‍රීසි ඇතුළුව විෂයන් තුනකට C සාමාර්ථ ඇතුළුව විෂයන් හයක් සමත් වී තිබීම ද අවශ්‍ය වෙනවා.

වැය වන අවම මුදල -

වසර තුන සඳහා ම විභාග, වාර්ෂික ගාස්තු හා වෙනත් ගාස්තු ලෙස ආසන්න වශයෙන් රු. 70,000/- විශ්වවිද්‍යාලය සඳහා ගෙවීමට සිදු වෙනවා. ඊට අමතරව විෂය කරුණු සඳහා යන පංති සඳහා ආසන්න වශයෙන් රු. 300,000/- ක මුදලක් වැය වෙනවා.

වැඩි විස්තර - http://www.bit.lk/


විවෘත විශ්වවිද්‍යාලයේ BSE

මෙය විවෘත විශ්වවිද්‍යාලය මගින් ලබාදෙන සිව් අවුරුදු තොරතුරු තාක්ෂණ ගෞරව උපාධියක්. බාහිර උපාධියක් වශයෙන් ගත්තම මෙය ඉතාම හොඳ තත්වයේ උපාධියක් වෙනවා. සිව් අවුරුදු ගෞරව උපාධියක වැදගත්කම මම Moratuwa IT, Colombo CS ලිපියේ සඳහන් කළා.
කෙසේ වෙතත් සිසුන්ගේ කැමැත්ත පරිදි තමන්ට අවුරුදු තුනෙන් උපාධිය අරන් ඉවත් වෙන්නත් මෙහි දී පුළුවන්. මෙහි දී ලැබෙන්නේ මෘදුකාංග ඉංජිනේරුවේදී ගෞරව උපාධියයි (Bachelor of Software Engineering honors).

කාල සීමාව - වසර හතරයි

මාධ්‍යය - ඉංග්‍රීසි

ඇතුළත් වීමට අවම සුදුසුකම් -

උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයන් තුනක් සමත් වීම හෝ උසස් පෙළ නොමැති සිසුන් හට Foundation Course සම්පූර්ණ කර සිටීම හෝ අදාළ නිළධාරීන් අනුමත කරන වෙනස් අධ්‍යාපන සුදුසුකමක්.

වැය වන අවම මුදල -

වසර හතර සඳහා ම ආසන්න වශයෙන් රු. 440,000/-

වැඩි විස්තර - http://www.ou.ac.lk/home/index.php/ousl/faculties-institutes/engineering-technology/office-of-the-dean/pragrammes/601-bachelor-of-software-engineering-2

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) HNDIT

මේක නම් උපාධියක් නෙමෙයි. HNDIT කියන්නේ තොරතුරු තාක්ෂණ උසස් ජාතික ඩිප්ලෝමාව. මෙය ලබා දෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මගින්. ඒ නිසා තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හැටියට ඉතාම හොඳ පිලිගැනීමක් තියෙන ඩිප්ලෝමාවක්. මෙය ඩිප්ලෝමාවක් වුණත් මෙය හදාරා අවසන් වූ පසු උපාධියක් සඳහා දීර්ඝ කරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධියක් (Master in Science - MSc) ලබා ගැනීමට සුදුසුකමක් විදියට මේ ඩිප්ලෝමාව සලකන්න පුළුවන්. අඩු කාලයකින් ඉගෙනීම අවසන් කරලා ඉක්මනින් රැකියාවකට යන්න හිතන කෙනෙක්ටත් මේ HNDIT ඉතාම හොඳයි.හැබැයි මේකට යන්න නම් උසස් පෙළ අවම සුදුසුකම වන විෂයන් තුනටම S සාමාර්ථ අරගන්න වෙනවා.

කාල සීමාව - වසර දෙකහමාරයි

මාධ්‍යය - ඉංග්‍රීසි

ඇතුළත් වීමට අවම සුදුසුකම් -

උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයන් තුනක් සමත් වීම සහ සාමාන්‍ය පෙළ ගණිතය සහ ඉංග්‍රීසි සමත් වී තිබීම

වැය වන අවම මුදල -

වසර දෙකහමාර සඳහා ආසන්න වශයෙන් රු. 60,000/-

වැඩි විස්තර - http://www.sliate.ac.lk/information-technology#conducted-at
ඉහත සඳහන් කළ පාඨමාලා තුනෙන් ඕනෑම එකක් අවසන් කළාට පස්සේ රැකියාවකට ගිහින් අවුරුදු දෙකක පමණ වෘතීය අත්දැකීම් අරගෙන තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධියක් (Master in Science - MSc) සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලයක (උදා - මොරටුව විශ්වවිද්‍යාලය) ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම එක් එක් පාඨමාලාවට අදාළ මුදල සොයාගැනීමට අපහසු සිසුන්ට එම මුදල ලබාදීමට විශාල වශයෙන් ශිෂ්‍යත්ව එම ආයතන තුළ ම තියෙනවා. අවසානයේ වැදගත් වෙන්නේ තමන් මොන තරම් දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදියට එලියට එනවද කියන එකයි. තමන්ගේ දක්ෂතාවය අනුව මම තොරතුරු තාක්ෂණ රැකියා ලිපියේ සඳහන් කළ ඕනෑම රැකියාවකට ඒ වැටුප් ප්‍රමාණවලටම මෙමගින් යන්න අවස්ථාව ලැබෙනවා. මම මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයෙන් එලියට ඇවිත් Software Engineer කෙනෙක් විදියට Software Engineering Company එකක රැකියාව කරනවා. ඒ ආයතනයේ සේවක පිරිසෙන් 30% ක් පමණ BIT, SLIIT, HNDIT හරහා පැමිණි මෘදුකාංග ඉංජිනේරුවන්. ඒ නිසා මේ බාහිර උපාධිවල තියෙන වටිනාකම ගැන අවතක්සෙරුවෙන් හිතන්න එපා!

ඊලඟ ලිපියෙන් හමුවෙමු!
POST BY : Prasad Srimal
0 Comments



Leave a Reply.

    Categories

    All
    BIT
    BSE
    CAMPUS
    COMPUTER SCIENTISTS
    DEGREE
    E BOOK
    EXAM
    HARDWARE
    HNDIT
    IT DEGREE
    IT FIELD
    IT JOBS
    PRIVATE UNIVERSITY
    PROGRAMMING
    TIME TABLE


    RSS Feed